2023 සැප්තැම්බර් 26, පෙ.ව. 12:00
 
            
තමන්ගේ ශරීර කූඩුවට මිල නියම කරන ගැහැනු…. ඒ කියන ගැහැනු මේ වෘත්තීය තෝරගන්න සැබෑම හේතුව අභිරහසක්. (එහෙම්මම නෙවෙයි. මේක තමයි නියම ජොබ් එක එයාලා කියන විදිහට.)
මම දවසක් ගියා වැඩමුළුවකට, ඒ මොහොතේ මට හම්බුණා මේ වෘත්තියේ නියැලිලා ඉන්න තුන් හතර දෙනෙක්ව. මම පොරොන්දු වුණා ඒ අයට, රැකියාවක් හොයලා දෙන්න.
“…හොඳ රස්සාවක්… එදා වේල පිරිමහගන්න පුළුවන් විදිහේ..”
“තිස් දාහක්… හතළිස් දාහක් විතර..”
“ඒක මම එක දවසක හොයන ගාන…” උන් හිනාවෙනවා.
ඒ ගැහැනු පුදුමාකාරද ? ඒ වෘත්තිය විශ්මය ජනකද ? මම කියන්න දන්නෙ නෑ. මම දන්න එකම දේ මේ නරා වළට බැස්ස එකම එකියක්වත් ඒකෙන් ගොඩ එන්න සුදානමක් නෑ. උන් තව තවත් ඇතුළට කිඳා බහිනවා.
ලියෝ…
එයා තමයි එතැන හිටපු ලස්සනම කෙල්ල. මම කියපු වචන පරිස්සමින් අහුලපු එකම කෙල්ල. අන්තිමට මට “හොඳ කතාවක්” කියන්න පොරොන්දු වුණු කෙල්ල………
“මගේ සාමාන්‍ය ගාණ 15,000යි.. හැබැයි ඊට වැඩිය දුන්නොත් නොගෙන ඉන් නෑ. මම දන් නෑ මගේ විශේෂත්වය ගැන කියන්න. හැබැයි ගොඩක් අය මාව සිලෙක්ට් කරනවා. අපෙ ගනුදෙනු වලට වෙනම ඩීලර් කෙනෙක් ඉන්නවා. මේකේදී වැඩියෙන්ම වැදගත් විශ්වාසය. ඒ නිසා ඩීලර් සියල්ල හැඩල් කරනවා. කස්ටමස්ලාට ඕනි තැන කවදාවත් වැඩේ වෙන් නෑ. වාහනයක ඕනි කිව්වොත් ඒත් අපේ වාහනයකම තමයි. නැතුව වෙන ක්‍රම නෑ…”
“ඔයා අහන්නෙ මගේ අමතක නොවන අත්දැකීම් ගැනනේ. එකම එකක් කියන්නම් දැනට. එකපාරක් රුපියල් ලක්ෂයකට මම හතර දෙනෙක් එක්ක හිටියා. ලක්ෂයක් දෙන්නම්, හතරක් එනවා , පිට යවන්න එපා කියලා ඩීලර් කිව්වේ. මේ හතර දෙනාම ලංකාවේ ප්‍රසිද්ධ අය. එක්කෙනෙක් ටීවී එකේ නිතරම වගේ පෙනී ඉන්න කෙනෙක්. මම කැමති නෑ යන්තම්වත් එයාලා ගැන කියන්න. එදා එයාලා මුලු රැයක්ම ගෙව්වේ මා එක්ක. හරිම මහන්සි රාත්‍රීයක් ඒක. මට හිතුණේ මොකද්ද දන්නවද? උන්ගේ ගෑනු උන් එක්ක ඉන්නවා පුදුමයි. මොකද මේ කාලකණ්ණිට පුදුමාකාර ආසාවල් තිබුණේ. සමහර දේවල් පිළිකුල් මෙහෙම කියන්නත්…”
“හතර දෙනෙක් එක්ක ඉන්න එක, ඒක විදිහක අමුතු අත්දැකීමක් කියලයි මම හිතුවේ. නමුත් ඒක වේදනාවක් කියලා මට දැණුනේ එදා. මගේ ඇඟ තලා දැම්මා ඒ යක්කු. එදා ඉඳන් මේ වෙනකන් ඒ වගේ දේවල්වලදී මම පරිස්සම්. තව ඩොක්ටර් කෙනෙක් එනවා. එයා නම් ඇත්තටම ආස මට ඇඳුම් අන්ඳවලා හැඩ බලන්න. මාව අතගාන්න විතරයි. රුපියල් 30,000ක් දෙනවා ඒ වැඩේට. හිතාගන්න බෑ නේද? මම දන්නෙත් නෑ ඒකට හේතුව…… මිනිහා මට තැගී දීපු ගොඩක් ඇඳුම් තාම තියෙනවා මගේ ළඟ….”
 
                                                        2025 නොවැම්බර් 01, ප.ව. 4:24
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25