2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:01
ඇගේ නම ප්‍රියා (ඇත්ත නම නෙවෙයි) ඈ මේ කතාව කියන්නෙ ඔබට. හැබැයි ඇයට ඒ කතාව කියන්න අයිති නෑ.
ඇය මේ කතාවේ අයිතිකාරයට බයයි.
ඒත් ඇය ඒ කතාව කියනවා.
”ශෙහාන් එක්ක ලිවින් ටුගෙදර් හිටියත් මම ගෙදරටවත් ඒ කතාව කියලා තිබුණේ නෑ. මිනිහාගේ ඇත්තම ආසාවල් මම දැනගත්තේ එකට ඉද්දි. මිනිහා කවදාවත් මාත් එක්ක ලිංගිකව එකතු වෙලා සතුටක් ලබපු කෙනෙක් නෙවෙයි. මිනිහා අපි දිහා බලලා එක එක විදිහේ ලිංගික උපකරණ ගෙනත් දීලා පාවිච්චි කරන්න කියනවා. ඔන්න ඕකෙන් තමා මිනිහා සතුටු වුණේ. ඇත්තටම අමාරුවුණා මට ඒක. ගෑනියෙක් කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයිනේ. අනික ගෑනියෙක්ට පුළුවන්ද පණ නැති දේකින් සතුටක් ලබන්න. මම ආස කළේ ශෙහාන් එක්ක සතුටු වෙන්න. එයා එක්ක ආදරෙන් ඉන්න”
”හැබැයි එයා දිගින් දිගටම මට වද දුන්නා. හැමදාම එද්දි එන්නේ ඔය වගේ ගැජට් අරන්. මිනිහා පෝර්න් සයිට්වලත් බැලුවේ ඔය වගේ දේවල් විතරයි. මම දන් නෑ එයාට එහෙම වෙන්න හේතුව. මම අන්තිමට මිනිහව ඩොක්ටර් කෙනෙක් ළඟට ගෙනියන්නත් හැදුවා. ඒත් ඒ කිසි දේකට මිනිහා කැමති වුණේ නෑ. මම කළකිරුණා”
”මොහොතක්වත් ඒ වගේ මිනිහෙක් එක්ක ඉන්න මම ආස කළේ නෑ. කොච්චර අප්‍රසන්නද ඇත්තටම? ඒක තේරෙන්නෙ මං වගේ ගෑනියෙක්ට විතරයි. මිනිහෙක්ගේ ආසාවල් එහෙම වුණා කියලා සීමාවක් නැතුව ඒවා වද දෙනකොට කොහොමද වාවගන්නේ. ඒක කොච්චර අමාරු දරාගැනීමක්ද? මිනිහාගෙන් මම ටිකෙන් ටික ඈත් වුණා. කැන්ඩි ගියාට පස්සෙ ආයෙ මම මිනිහාව හොයන් ආවේ නෑ. මට පස්සෙ ආරංචි වුණා දෙයක්””
”එයා මං නැති අඩුව පුරවගන්න එක එක විදිහෙ ගෑනු ගෙන්න ගන්නවලූ. එයාගේ මුලු පඩියම යන්නෙ ඒකට. නමුත් දන්නවද එයාගේ හැබෑ රූපය හරි වෙනස්’ එයා දිහා බලන කවුරුත් ‘ආ ශෙහාන් මෙහෙම කෙනෙක්නේ‘ කියලා හිතන් නෑ. ඒ තරම් ඩීසන් පොරක්. ගෑනු හිතන් ඉන්නේ උපාසකයෙක් කියලා. උන් දන් නෑ මේ උපාසක බළලා කොච්චර හිරිකිත විදිහට ගොදුරු ඩැහැ ගන්නවද කියලා””
”මම මිනිහාට ආදරේ කරපු ගැන විතරක් අද දුක් වෙනවා. ඒක මාර අමාරුයි හදවතට දරාගන්න”
2024 දෙසැම්‍බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්‍බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්‍බර් 19, ප.ව. 3:20
2024 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:04
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
19-12-24
19-12-24
18-12-24
18-12-24
17-12-24
17-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24