hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:01



තම බිරිඳගේ අනියම් සැමියාට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල හමුදා සෙබළෙකු මෙම මස 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඊයේ නියෝග කළාය.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගාල්ල වේවැල්වල පාර පදිංචි 38 හැවිරිදි හමුදා සෙබළෙකි.

හමුදා සෙබළාගේ පවුලේ අයත් තුවාලකරුත් උඩුගම ප්‍රදේශයේ එකම ගමක පදිංචිකරුවන් වන අතර ළමයින් පාසල් යැවීමට හමුදා සෙබළා බිරිඳ සහ දරුවන් දෙදෙනා සමඟ ගාල්ලේ වේවැල්වල පාරේ නිවසක පදිංචියට පැමිණ තිබේ.

මේ අතර බිරිඳගේ අනියම් සම්බන්ධය ගැන දැනගත් ඔහු රැකියාවට යන බව පවසා නිවසින් ගොස් නිවසේ සැඟව සිට ඇත.

එලෙස සිටියදී 10 වැනිදා රාත්‍රි බිරිඳගේ අනියම් පෙම්වතා වූ තරුණයා පැමිණ දොර අරින ලෙස බිරිඳට පැවසීමත් සමඟ හමුදා සෙබළා ඔහුට පිහියකින් පහර දී තිබේ.

තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: