2023 ඔක්තෝබර් 10, පෙ.ව. 12:03
            
විදේශ සේවයට ගොස් පැමිණි බිරිඳ කරන අමුතු යෝජනාවකට අවනත නොවීම නිසා නිවසේ අඬදබර හේතුවෙන් ඇයත් සමඟ තවදුරටත් දීග කෑ නොහැකි නිසා දික්කසාදය ඉල්ලන සැමියෙකු පිලිබදව තොරතුරු වාර්තා වෙනවා.
මැදිවිය ඉක්ම වූ මේ පුද්ගලයා පසුගිය දිනෙක පොලිසියට පැමිනි අතර විවිධ පැමිණිලි අංශයේ පොලිස් කොස්තාපල් වරයෙකු වෙතට යොමු කෙරිණි.
“ලොකු උන්නැහේ මොකක්ද මේ ආරවුල?” රාලහාමි විමසීය. “මට ගෑණිත් එක්ක ඉන්න බෑ” ඔහු පිළිතුරු දුන්නේය. “ඒකට හේතුව” රාලහාමි යළි ඇසීය.
“ගෑනි මගෙත් එක්ක රණ්ඩු කරනවා” ඔහු ආ කීය. ‘ඒකට හේතුවක් ඇති නේ’ රාලහාමි ඇසීය. “හේතුව මේකයි ගෑනි රට ගිහිල්ලා ආවා. මං ගෑනි ළඟට යනකොට ඒකි නරක කතාවක් කියනවා. මං ඒකට බෑ කීවාම නැගිටලා යනවා.
මගෙත් එක්ක රණ්ඩු අල්ලනවා. ගෑනි මීට කලිනුත් රට ගිහින් ආවා. ඒත් මේ සැරේ ගිහින් තමයි ඔය අමුතු පුරුද්දක් පුරුදුවෙලා ඇවිත් තියෙන්නේ. ආ හප්පේ මං දන් නෑ. කටක් ඇරලා මේවා කියන්නේ කොහොමද? විලි ලැජ්ජාවේ බෑ” යි කියමින් ඔහු ඇඹරෙන්නට විය.
“මේ ලොකු උන්නැහේ තෙපරබාන්නේ නැතිව කාරණාව කියනවා කෝ. මොකක්ද ඒ අමුතු පුරුද්ද?” රාලහාමි පොලිස් ප්රයෝගයක් අනුගමනය කෙළේය. “ඒක මහ අමුතු සෙල්ලමක්” කී මැදවියේ පුද්ගලයා රහසක් කියන්නාක් මෙන් යමක් කීවේය.
“ම් ආ … ඒකත් එහෙමද? ගෑනිට වයස අවුරුදු හතළිස් දෙකක්විතර වෙනවා කීවා නේද? මං නිකමට වාගේ යෝජනාවක් කරන්නම්. තමන් අරක්කු භාගයක් බීලා ගිහින් ගෑනිගෙ ආශාව ඉෂ්ට කරනවා” රාලහාමි විහිළුවට මෙන් කීය.
“භාගයක් නෙමෙයි කල්දේරමක් බීලත් මට ඕක කරන්ඩ බෑ. එව්ව ඕන නෑ. මට වෙන් වෙන්ඩ අවස්ථාව හදලා දෙනවා නම් ඒ ඇති.” මැදිවියේ පුද්ගලයා ඉල්ලා සිටියේය.
“හා…හා… කලබල වෙන්ඩ එපා. අපි ඇවිත් තමන්ගේ බිරිඳටකරුණු කාරණා පැහැදිලි කරලා දෙන්නම්.ආ එතකොට ඔය නරක පුරුදු අයින් කර ගනීවි” යි කියා රාලහාමි කියන විට මැදිවියේ පුද්ගලයාගේ මුවෙහි පුංචි හිනාවක් මතුවුණේය.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25