hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:00



ඔක්කම්පිටිය පොලිස් වසමේ පදිංචි තරුණියක ලැඟුම් හලකට කැඳවාගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි ඇයගේ සැකකාර පෙම්වතා මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු කොළඹ ප‍්‍රදේශයේ සැඟවී සිටියදී උපාය දූතියක මගින් අදාළ තරුණිය ලෙස පෙනී සිටිමින් දුරකථන ඇමතුමක් ලබාදී ඔහු ඔක්කම්පිටිය ප‍්‍රදේශයට ගෙන්වා ගෙන තිබෙනවා.

එසේ පැමිණි අවස්ථාවේදී මග රැකසිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ස්ත‍්‍රී දූෂණ ගණනාවකට සම්බන්ධ පොලිසියට අවශ්‍යව සිටි අයකු බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

ඔහු විසින් පෙම්වතියන් කිහිපදෙනකුගේ නිරුවත් ඡුායාරූප, වීඩියෝ දර්ශන ලබාගෙන ඥාතීන්ට සහ අන්තර්ජාලයට මුදාහල බවට තොරතුරු ලැබී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: