hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 03, පෙ.ව. 12:02



වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරට ලොල් වූ පාසල් සිසුන් දෙදෙනකු ඒ සඳහා මුදල් සොයා ගැනීමට ගම්පොළ උලපනේ ප‍්‍රදේශයෙන් කෙසෙල් කැන් 30 ක් හොරට කපා විකුණා තිබියදී ගම්පොළ පොලිසිය මගින් එම සිසුන් ගම්පොළ දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමේදී එක් අයකුට රුපියල් දස දහස බැගින් ශරීර ඇප සමග දැඩි ඇප කොන්දේසි ඉදිරිපත් කරනු ලැබීය.

උලපනේ පහේ කල්ලිය නමින් හඳුන්වා ඇති මෙම සිසු කණ්ඩායම ගම්පොළ නගරයේ ප‍්‍රසිද්ධ ජාතික පාසලක 11 වසර පන්තියේ ඉගෙනුම ලැබූවන් බව පොලිසිය පවසයි.

මොවුන් තදින්ම මත් පෙතිවලට හුරු වී ඇති බවද මත් පෙති භාවිතයෙන් පසු වැඩිහිටි කාන්තාවන්ගේ ඇසුරට යෑම පිළිබඳවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ගම්පොළ ඇත්ගාල ප‍්‍රදේශයේ සිටින මෙම කාන්තාවන් සොයා බාලවයස්කරුවෝ වරදට පොළඹවා ගැනීම පිළිබඳව නීතිමය කටයුතු කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.

මෙම සිසුන් හොරට කැපූ කෙසෙල් කැන් අතර රුවන්වැලි සෑයේ කිරි ආහාර පූජාව වෙනුවෙන් වෙන් කොට තිබූ කෙසෙල් කැනක්ද තිබූ බව අයිතිකරුවන් පොලිසියට පවසා තිබේ.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. කපිල බණ්ඩාර, උ.පො.ප. අසංක පොලිස් සැරයන්වරුන් වන 4507 බණ්ඩාර 45203 දුනුකාර යන නිලධාරීහු පරීක්‍ෂණ පැවැත්වූහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: