hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 නොවැම්‍බර් 14, පෙ.ව. 12:01



ආදරය කියන්නේ බොහෝ දෙනෙක් වෙහෙසට පත් වෙන කාරණාවක්.

ඒත් එක්කම මේ කතාව කියන්න යන කෙනා තමන්ගේ ජීවිතයේ අවසන් නිමේශය ගෙවන්න ආදරයම හේතුවක් කරගෙන.

මේ කියන්න යන්නේ පොලිස් නිලධාරියෙක් ආදරය නිසා තමගේම ජීවිතයට කරගන්න ගිය හානියක්.

සිය පෙම්වතිය හැරයාම නිසා ඇතිවූ සිත් තැවුල මත සිය දිවි හානිකර ගැනීමට පොලිස් කොස්තාපල්වරයෙකු කටයිති කරගෙන තිබෙනවා.

කොහොම වුණත් මෙම පුද්ගලයා එම සිද්ධිය සිදු වූ අවස්තාවේදීම රෝහල් ගත කරන්නට පියවර ගෙන ඇති අතර, ඔහු මේ වන විට බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාශය අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව බලංගොඩ රෝහල් පොලීසිය පවසනවා.

මෙම සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු බලංගොඩ පොලිසිය විසින් සිදුකරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: