hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:02



මිනිස්සුන්ට තියෙන්නෙ පුදුම සහගත ආසාවල්… ඒ සමහරක් සීමාවක් නැති ආසාවල්වලට අපි කතාවට කියන්නෙ “විකෘති කාම ආශා” කියලා. ඒක මේ දවස්වල ඔබටත් ඇහෙන ප්‍රවෘත්තියක්.

මොනාද මේ විකෘති කාම ආශා… සාමාන්‍ය ලිංගික ක්‍රියාවක වුණත් අසාමාන්‍ය විදිහට කෙනෙක් හැසිරෙන එක.. එහෙම නැත්තම් පවතින සමාජ සදාචාරයන්, සංස්කෘතීන් ඉක්මවා ගිහින් ලිංගිකත්වයේ හැසිරෙන එක… අන්න ඒ වගේ බැරුරූම් තැන්වලදී අපි මේ වචනේ පාවිච්චි කරනවා…

“විකෘති කාම ආශා..” මීට අවුරුදු ගාණකට කලින් ගෑනූ කෙනෙක් ඔය වගේ කතාවක් අරන් මාව හම්බෙන්න ආවා. ඒ පැමිණිල්ල ලිව්වේ මම.. ගෑනි ඒ කතාව කියනකොටත් වෙව්ලනවා.

“සර්… මම එයා එක්ක යාලුවුණේ මගේ යාලුවෙක් මාර්ගයෙන්… යාලුවෙලා හිටපු කාලේ අපි එහෙම ඇවිද්දෙ කළේ වත් නෑ. එයා කිව්වේ අපි බැන්ඳම යමු සුදු කියලා. ඒ කියන්නෙ මාව පට්ට විදිහට ආරක්ෂා කළා. මාර විදිහට ආදරේ කළා. ඉතින් මාත් හරිම ආදරෙන් හිටියේ මේ මනුස්සයට..”

“අපිට ගෙවල්වලින් අකැමැති වුණෙත් නෑ. එයා වැඩ කළේ බෑන්ක් එකක. මම එකවුන්ටින් කෙනෙක් විදිහට ප්‍රයිවට් තැනක හිටියේ… අපි ඔහොම ගිහින් වෙඩින් එකට දිනත් දාගත්තා. එයා හරිම ආසාවෙන් හිටියේ…”

“ඔහොම ගිහින් බැන්ඳා.. ලොකුවට ගත්තා වෙඩිම.. ඒත් හනිමූන් දවසේ තමා මම දැනගත්තේ මේ මම දැකපු මනුස්සයා නෙවෙයි කියලා. එතැන හිටියේ සෑහෙන්න වෙනස් මනුස්සයෙක්.. ඒ මිනිහා මට හයියෙන් ගැහුවා.. වධ දුන්නා.. මගේ රහස් තැන්වලට හානිකළා.. මට කතා කරගන්න බැරි තරම් අමාරු වුණා. මිනිහා කියනවා එහෙම වුණාමලූ එයා තෘප්තිමත් වෙන්නේ..”

“එයත් නිරුවත් වෙලා මට ගහන්න කිව්වා රිදෙන්න.. දෙයියනේ මම බෑ කියලා ඇඬුවා. ඒත් මට බල කළා. ඔන්න ඔහොමයි එයාගේ හැසිරීම.. අන්තිමට මම තැලුම් අත ගගා බාත්රූම් එකට රිංගන් පැයක් විතර දොර ලොක් කරන් හිටියා…”

“එදා විතරක් කියලා හිතුවට එයා හැමදාම ඒ වැඩේදී මට හිරිහැර කරනවා. ඒ නිසයි මම අන්තිමට තීරණය කළේ මේක ගැන හැමෝම දැනුවත් කරන්න.. මම තවත් මේ මිනිහා එක්ක ඉන් නෑ..”

මට මතකයි ගෑනි අන්තිමට ඩිවෝස් වෙලා රට ගියා. පව් ඉතින්.. හරි අහිංසක ගෑනියෙක්… මාර දුකක් විඳලා තිබ්බෙ. නඩුවත් ගොඩක් ඇදුනා…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: