2024 ජනවාරි 06, පෙ.ව. 12:01
ෆේස්බුක් කියන්නේ විවිධාකාර මිනිසුන් හැසිරෙන තැනක්.
ඒ වගේම විවිධාකාර සම්බන්ධතා හැදෙන තැනක්.සමහරවිට මේ සබඳතා නිසා අපි අපේ ජීවිතය හදා ගන්නවා එක්කො නැත්තටම නැති කරගන්නවා.
සමහරවිට ඒ සබඳකම් නීත්‍යාණුකූල නොවන සබඳතා වෙන්න පුළුවන්.
මේ කියන්න යන්නේ ඒ වගේ සබඳතාවයක් නිසා තරුණයෙක්ට වුණ ඛේදවාචකයක් ගැන.
21 හැවිරිදි මේ තරුණයා ෆේස්බුක් ගිණුමක් හදගන්නේ හැම කොල්ලෙක්,කෙල්ලෙක් ගාව විතරක්ම නෙවෙයි මේ වෙද්දි ෆේස්බුක් කියන්නේ ඕනෑම වයස් පරතරයක අයෙක් ගාවම තියෙනව නිසා.
කොයි කොල්ලද ආස නැත්තේ කෙල්ලෙක් එක්ක චැට් කරන්න.
මෙයත් ඒ වගේම ගැහැණු ලමෙක් එක්ක ෆේස්බුක් චැට් කරන්න පටන් ගන්නවා.
හැබැයි මේ කරන්නේ නම් වැරදි වැඩක් කියලා නම් ඔහු හිතන්නේ නැහැ.
මොකද ඔහු චැට් කරන මේ කාන්තාව විවාහකයි.
මේ චැට් කිරිල්ලට වැඩි ආයුශ තිබුනේ නැහැ.
මේක මේ කාන්තාවගේ සැමියාට හසුවෙනවා.
ඒ හැසුවීම කෙතරම් දුර ගියාද කියනවා නම් ඇයගේ සැමියා තව කිහිප දෙනෙකු සමගින් ගොස් මෙම තරුණයා පැහරගෙන ගොස් පහර දෙනවා.
ඊට පස්සෙ මෙම තරුණයාව පමුණුවිල කනත්ත අසලට දමා ගොස් තිබියදී රෝහල් ගත කරනවා.
අවාසනාව කියන්නේ මේ පහර දීමෙන් මේ තරුණයා මිය යනවා.
ඉතින් තරුණ ජීවිතයක් අකාලයේ මිය යන්නේ මෙහෙමයි.
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:06
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:06
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 2:47
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:05
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25