hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 08, ප.ව. 7:31



ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එම අනතුර සිදුව ඇත්තේ කෑගල්ල මංගල ගම ප්‍රදේශයේ දී ය.

මෙම අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව තොරතුරු වාර්තා විය.

මියගිය තරුණිය 26 හැවිදිරි රඹුක්කන ප්‍රදේශයේ තරුණියක් වන අතර එම අනතුරින් ඇයගේ සුරතලා ද ජීවිතක්ෂයට පත් ව ඇත.

ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍ය පීඨයේ ඉගනුම ලැබූ සිසුවියක් වේ.

කෙසේ වෙතත්, තවත් නොබෝ දිනකින් උපාධිය සම්පූර්ණ කිරීමට සූදානම්ව සිටි සිසුවියක් බව සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: