hit counter

2024 ජූනි මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 27, පෙ.ව. 9:49



ෆින්ලන්තයේ ජීවත් වූ Hiruni’s Northern Life නම් ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන ගිය හිරුණි මහත්මිය ඇගේ නිවසේ දී ඝාතනය වී තිබේ. එරට පදිංචිව සිටි ඇය ශ්‍රී ලාංකික තිදරු මවකි.

ෆින්ලන්ත මාධ්‍ය මේ මරණය සම්බන්ධ වැඩි විස්තර හෙළිකර නැති අතර සිද්ධියට සැකපිට අයකු අත්අඩංගුවට ගත් බව පමණක් සඳහන් කර තිබේ. මේ ගැන වැඩිදුර විභාගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ බව එහි සඳහන් වෙනවා.

ෆින්ලන්ත මාධ්‍ය හිරුණිගේ පවුල හඳුන්වා ඇත්තේ දකුණු ආසියාතික පවුලක් ලෙසය.

ඔවුන් බොහෝ කාලයක් එරට ජීවත්වන බව ද සඳහන් කර තිබෙනවා.

එසේම මියගිය කාන්තාව සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී බවත් පවුලේ වීඩියෝ නිරන්තරව මාධ්‍යයට යොමුකරන බවත් සඳහන් කර තිබෙනවා.

මරණය සිදුව ඇත්තේ පසුගිය සතියේ බදාදා දිනයේය.

එදින සිද්ධියෙන් පසුව මේ නිවසට ගිය අසල්වාසියකු එම නිවසේ දොර අසල විශාල ලේ පැල්ලමක් දැක තිබේ. හිරුණි මහත්මියගේ නිවාස පිහිටා තිබෙන්නේ හෙල්සින්කි නුවර වන්තා ප්‍රදේශයේයි.

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පවසන්නේ මේ මරණයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය කාන්තාවගේ සැමියා බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: