2024 අගෝස්‍තු 22, පෙ.ව. 12:04
මේ කතාව ඇසෙන්නේ වයඹ ප්‍රදේශයේ දුශ්කර ග්‍රාමයකින්..
කටුපොත ග්‍රාමයේ ජීවත්වුණ මෙම තරුණිය හිටි හැටියේම නිවෙසින් අතුරුදන් වුණේ ඇයි..?
ඒ ගැන ගොඩක් දෙනෙක් හිටියේ කලබලයෙන්.. වයස අවුරුදු 20ක් වූ ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මවුපියෝ කටුපොත පොලිසියට පැමිණිලි කර තිබුණා…
දින දහයක් පමණ ගත වුවද ඇය ගැන හෝඩුවාවක් සොයා ගත නොහැකි වූ නමුත් ඇයගේ ජංගම දුරකතනයට හිමි අංකයෙන් ඇගේ මාපියන් හට වරින් වර කෙටි පණිවිඩ එවීම ඇය විසින් කර තිබුණා..
ඒ සෑම විටෙකදීම ඇය හා සම්බන්ධවීමට මාපියන් ගත් උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී තිබුණා.. ඊට හේතුව කෙටි පණිවිඩය යැවූ සැණෙකින් ජංගම දුරකතනය ඇය විසින් ක්‍රියා විරහිත කර තිබීමයි..
”අම්මේ, ඔයගොල්ලො බයවෙන්න එපා. මම හොඳින් ඉන්නවා” ආදී ලෙසින් වූ පණිවිඩ ඇය විසින් එවා තිබූ අතර, මවුපියන්ගේ ද මතය වූයේ කිසිවෙකු විසින් ඇය සිරගත කර රඳවා තබාගෙන ඇති නිසා දුරකතනයෙන් කතා නොකර, රහසින් මෙම කෙටි පණිවිඩ තමන් වෙත ලැබීමට සැලැස්වීමට තම දියණිය කටයුතු කරනු ඇති බවයි.. නමුත් පොලිසිය විසින් ඇයගේ බැංකු ගිණුම පරීක්ෂා කළ විට හෙළිවූයේ කුලියාපිටියේ බැංකුවක තැන්පත් කර තිබූ ඇයගේ ගිණුමේ මුදල් කිසිවෙකු විසින් රැගෙන ගොස් ඇති බවත්, එසේ රැගෙන ගිය මුදල් වෙනත් ගිණුමක තැන්පත් කර ඇති බවයි..
එම නව ගිණුමට හිමි ලිපිනය ලෙසින් සඳහන් වූයේ ඉංගිරිය, ප්‍රදේශයේ ලිපිනයක්.. ඉන් පසු ඉංගිරිය පොලිසිය විසින් පරීක්ෂණ ඇරඹූයේ අතුරුදන් වූ තරුණිය සොයා ගැනීමටයි.. එහිදී ඇය තරුණයෙකු ද සමග සිටියදී පොලිසියට හමු වී තිබුණා…
ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූයේ ඇය අවුරුදු 23 ක් වූ මෙම තරුණයා සමග සිය කැමැත්තෙන්ම විවාහ වී ඔහු සමග මෙම නිවසට පැමිණි බවයි..
අතුරුදන් වූ තම දියණිය නැවත නිවසට කැඳවාගෙන යෑමට පැමිණි ඇගේ මවුපියන් සුසුම් හෙළමින් ඉංගිරිය පොලිසියෙන් පිටව ගියේ කසාද සහතිකය ඉදිරිපත් කර ඇය අතුරුදන් වූ බවට කළ පැමිණිල්ල කටුපොත පොලිසියෙන් ඉවත් කර ගැනීමටයි… තරුණිය ඉතා සතුටින් තම සැමියා ද සමග නිවසට පිටත්ව ගියා..
2025 දෙසැම්බර් 29, පෙ.ව. 12:13
2025 දෙසැම්බර් 28, පෙ.ව. 12:25
2025 දෙසැම්බර් 28, පෙ.ව. 12:09
2025 දෙසැම්බර් 27, පෙ.ව. 12:12
2025 දෙසැම්බර් 27, පෙ.ව. 12:09
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25
26-12-25
26-12-25