hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2025 අප්‍රේල් 29, පෙ.ව. 12:06



කුරුණෑගල දිස්ත්‍රිකයේ 28 වෙනියා ️..

ජීව විද්‍යාවෙන් A සාමාර්ථ 4 ක් අරන් මගේ පුංචි රූ රැජින ️ හිසට මා පැලදුව කිරුළත් , කරට දොස්තර නලාවත් දාගෙනම ආයේ හම්බෙමු පුතේ බලන්නකෝ ඉතින් …වයසට ගියාම මිස්ට බෙහෙත් ගන්න දැන් ගොඩාක් දොස්තරලා ඉන්නවා

ජීව විද්‍යා අංශයෙන් AL කරන ගමන් අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ උන ඇය ඒ තරමටම මාව විශ්වාස කලා…. මේ තරම් කඩයිම් විභාගයක් අස්සෙත් ඇය මාව තෝරගත්තා… A 4 ක් ..කියන්න වචන නෑ එකෙන්ම ගැම්මක්

බදවාගැනීමේ දවසේ මම කීවා….ඔයා බය වෙන්න එපා …අනිවාර්යයෙන් ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනව කියලා…ඉතින් එක වචනෙකින් හරි ඇයව මෝටිවේට් කරලා මේ ප්‍රතිඵලයට දායක වෙන්න ලැබුනා කියන සතුට හිතේ තියනවා

මොකද මම ආසම …මට නොලැබුන දේ එයාලට ලැබෙනවා දකින්න .ඉතින් ඒ කාලේ , මේ වගේම දවසක මේ වගේම රැයක මගෙන් ගිලිහී ගිය වෛද්‍ය සිහිනය අද මම ඊටත් වඩා ලස්සනට එයාලගෙන් දකිනවා

ජය වේවා පුතේ සුභ පැතුම් ️

මාව විශ්වාස කරන කාටවත් ජීවිතේ නම් වරදින්න දෙන්නේ නෑ …එච්චරයි !

මේ ජීවිත වෙනස් කරන තැන නිසා ️️

ත්‍රිකලා ධරණී





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: