2022 අප්‍රේල් 21, ප.ව. 9:53
බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (19) දහවල් රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
රජයේ දුර්වල මූල්‍ය කළමණාකරනය නිසා ජන ජීවිත මරු කටට යන සටන් පාඨය පෙරදැරිව, රෝහල තුල අත්‍යාවශ්‍ය ඖෂධ නොමැති කමින් රෝගීන්ට සිදුවන අපහසුතාවයන් මගහරවා දෙන ලෙසට බල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්වුණා.
මිනී පෙට්ටියක් රැගත් වෛද්‍යවරුන් පිරිස පෙළපාලියකින් පැමිණ පසුව රෝහල ඉදිරිපිටදී පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ අතර ඊට සහය දක්වමින් රෝහල් කාර්ය මණ්ඩලය හා සුලු සේවකයින් පිරිසක්ද එක්ව සිටියා.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:37
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:21