2022 අප්‍රේල් 27, ප.ව. 2:52
යක්කලමුල්ල මාගෙදර පුවක්වත්ත ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදි නිවෙස් හිමි කාන්තාවකගේ රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා ගෙලබැදි රන්මාලය සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මෙම නිවසේ මෙම කාන්තාව හා සැමියා පදිංචිව සිටින අතර ඉකුත් 09 වැනි දින නිවසේ සාදයක් පවත්වා තිබෙනවා.
ඒ සදහා තරුණයින් පස් හය දෙනෙකු පැමිණ ඇති අතර සාදය අවසන් වී නිවැසියන් නින්දට ගොස් තිබෙනවා.
පසුදින අවදි වී බලන විට කාන්තාවගේ ගෙල බැදි රන්මාලය ඇයගේ ගෙලේ තිබි නැහැ
පසුව ඇය මෙම සොරකම පිළිබද යක්කලමුල්ල පොලිසියට පැමිණිලිකොට තිබෙනවා.
පොලිසිය විසින් මෙම සොරකම පිළිබද විමර්ශනය කොට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් රන්මාලය සොරකම් කොට පුද්ගලික බැංකුවට උගසට තබා රුපියල් 184000 ක මුදලක් ලබාගෙන ඇති බවයි පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත්තේ.
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:07
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:04
2025 පෙබරවාරි 26, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:21
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:10