2025 මැයි 16, පෙ.ව. 12:02
සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ නමින් පවත්වා ගෙන යන Facebook පිටුවක පළවු හාස්‍ය උත්පාදනය සඳහා නිර්මාණය කළ දැන්විමක් යොදා ගනිමින් ”ටීචර් අම්මා පිළිම හදලා එකක් 25000 ගාණේ විකුණලා” යැයි සිරස්තලය සහිත පුවතක් ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
ලංකාදීප පුවත්පතේ පළමු පිටුවේ පලකර ඇති අදාළ පුවත හේතුවෙන් මේ වන විට එය ලියූ මාධ්‍යවේදියා පිළිබදව මෙන්ම පුවත්පතටද සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන එල්ලවී තිබෙනවා.
‘සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ’ යනු සමාජය තුළ වැඩි කතාබහකට ලක්වූ සිදුවීමක් පිළිබදව අවඥා සහගතව සමච්චල් කිරීමට හා උත්ප්‍රාසය මතුකිරීමට (Sarcasm) ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය කර ඇති Facebook Page එකකි.
එය පරිශීලනය කරන තරුණ පරිශීලකයන් එහි පලකිරීම් හුදෙක් ආගමික කරුණු වැනි දේ වෙනත් ආකාරයෙකින් ප්‍රශ්න කිරීම්වලට ලක්කෙරෙන බවට තේරුම් ගෙන එයට අදහස් දක්වන අයුරු කලක පටන් දැකගත හැක.
එවන් පසුබිමක ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය යන මාධ්‍යවේදියා විසින් ලංකාදීප පුවත්පතට වාර්තා කර තිබෙන මෙම පුවත සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු ව්‍යාජ පුවතක් බවට සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ලවනවා.
රුපියල් 25,000 ක මුදලකට හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරියගේ ජීවමාණ ප්‍රමාණයේ පිළිම සාදා ඇය අලෙවිකරන බවට පොලීසියද තහවුරු කළ බවට අදාළ ලිපියෙහි සදහන්.
නමුත් මෙම පුවත ලංකාදීප කොළඹ බෙදාහැරීම තුළ අන්තර්ගත නොවී ඇති අතර පිටපළාත් බෙදාහැරීමේ පමණක් අන්තර්ගතව තිබෙනවා.
එම පුවතද හාස්‍යයට ලක්කරමින් අද දහවල් ‘සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ’ නැවතත් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.
කෙසේවෙතත් මීට පෙරද ලංකාදීප පුවත්පත ඔකපතන විද්‍යාලය සම්බන්ධයෙන් වන සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ උත්ප්‍රාසජනක සිදුවීමක් ප්‍රවෘත්තියක් ලෙසට පලකර තිබුණා.
2025 මැයි 16, පෙ.ව. 12:05
2025 මැයි 16, පෙ.ව. 12:03
2025 මැයි 15, ප.ව. 1:35
2025 මැයි 15, පෙ.ව. 10:30
2025 මැයි 15, පෙ.ව. 9:38
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
16-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25
15-05-25