2025 අප්‍රේල් 19, ප.ව. 6:15
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව එම වීඩියෝවට අදාළ උපකාරක පංති ගුරුවරිය වන හයේෂිකා ප්‍රනාන්දු නම් අය ෆේස්බුක් ඔස්සේ ලයිව් විත් පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ තමාට සහ තමන් සංවිධානය කළ එම ඉසව්වට එල්ල වන විවේචන සඳහා කරුණු පැහැදිලි කිරීමක් ලෙසයි.
තමන් වෙත චෝදනා එල්ල වන පොලිස් ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු පහදමින් එහිදී ඇය අවදාරණය කර සිටියේ දරුවන්ගේ ආරක්ෂාව උදෙසා තමන් අදාළ ආරක්ෂක කටයුතු නීත්‍යානුකූලව ලබාගත් බවයි.
එමෙන්ම තමාට එල්ල වන විවේචනයන්ගේ සඳහන් වන පරිදි, තමන් සතුව දේශපාලනයට ඒමේ බලාපොරොත්තුවක් හෝ වෙනයම් බලාපොරොත්තුවක් නොවන බවත් ඈ එහිදී සඳහන් කර සිටියා.
තමන් එම අවස්ථාවේදී යම් මුදලක් වැය කරමින් අදාළ සියලුම කටයුතු සිදුකරනු ලැබුවේ දරුවන් වෙනුවෙන් බවත් ඇය සඳහන් කළා.
”මම අවුරුදු 23ක කාලයක් ගුරු වෘත්තියේ නියැලෙනවා. අවුරුදු 10කට ආසන්න කාලයක් නොමිලේ ක්ලාස් කළේ.
මම රැකියාවක් විදියට ගුරු වෘත්තියට ඇවිත් අවුරුදු පහළොවක් අවසන්. මම උගන්වන්න හරි ආසයි. මගේ ගුරුවරු සාක්ෂි දරයි.මම හරි ආසයි මගේ රස්සාවට.
මම කිසිම පාටක්, දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නෙ නෑ. මට ආරාධනා ලැබුණත් මම යන්නෙ නෑ. රටේ නීතියට මම යටත්. පොලිස් ආරක්ෂාව ගත්තෙත් මම නීත්‍යානුකූලව. පොලීසියට මම ස්තූතිවන්ත වෙනවා, දරුවන් ආරක්ෂිතව නිවෙස්වලට ගියේ ඔවුන් ලබාදුන් ආරක්ෂාව නිසයි. ආරක්ෂාව ගැන සියයට සීයක් හිතුවා, මොකද කිරිසප්පයෝ එන නිසා.
දිලිසෙන ඇඳුම් ඇන්දෙ දරුවො ආසයි දිලිසෙන ඇඳුම්වලට. ඒ නිසයි… එයාලා ආස විදියට මම ඇන්දෙ. මට පාටවල් තෝරලා දුන්නෙත් මගෙ ළමයි.ඊයෙ රෑ තමයි බත් කන්න හිටියෙ, ඔක්කොම ඉවරවෙලා සැනසීමෙන්. දවස් දෙකක් මම බඩගින්නෙ.
මම තාමත්, මේ දැනුත් බඩගින්නෙ. මට බඩගිනි එන්නෙ නෑ.කා එක්කවත් තරහා නෑ. ඇයි මෙච්චර දෙයක් දරුවන්ට දීලා, ඇයි ඒක දරාගන්න බැරි අය ඉන්නෙ.ඔව් මට පොලිස් ආරක්ෂාව ඕනි තමයි, දැන් එළියට බහින්නත් බයයි මට තනියම…”
මේ අතර හයේෂිකා ප්‍රනාන්දුගේ කළමණාකාරු චානක ඉන්ද්‍රජිත්, සුදා ක්‍රියේෂන් යූටියුබ් නාලිකාව හා සම්බන්ධ වෙමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, එම කටයුත්ත දරුවන් වෙනුවෙන් ඉතාමත් පිරිවැයක් දරා පිරිසිදු චේතනාවකින් කළ කටයුත්තක් වන බවයි.
එමෙන්ම චක්‍රලේඛය යටතේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ බවත්, ඒ සඳහා අනුමැතිය ලැබුණු බවත්, කළමණාකාරවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
2025 අප්‍රේල් 19, ප.ව. 8:40
2025 අප්‍රේල් 19, ප.ව. 6:31
2025 අප්‍රේල් 19, ප.ව. 6:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:03
2025 අප්‍රේල් 18, ප.ව. 10:49
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
19-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
18-04-25
17-04-25
17-04-25
17-04-25
17-04-25