hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:04



ඊශ්‍රායලය ගාසා උමං මාර්ගයෙන් එක්සත් ජනපද පුරවැසියන් ඇතුළු ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු ගොඩ ගෙන තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් ගාසා තීරයේ සිට එක්සත් ජනපද පුරවැසියෙකු වන හර්ෂ් ගෝල්ඩ්බර්ග්-පොලින් ඇතුළු ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර රෆා නගරයට යටින් ඇති උමං මාර්ගයක තිබී මළ සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ත්‍රස්තවාදීන් විසින් දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් 251 දෙනා අතර 23 හැවිරිදි ඔහුද අයත් වුණා.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩා වැදී පුද්ගලයන් 1,200ක් මරා දැමීමත් සමඟ ඔක්තෝම්බර් 7 වැනි දින පුද්ගලයන් 250ක් පමණ පැහැර ගනු ලැබුවා.

සුපර්නෝවා සංගීත උළෙලෙන් පැහැරගෙන ගිය ගෝල්ඩ්බර්ග්-පොලින්ගේ දෙමාපියන් පසුගිය මාසයේ චිකාගෝ හි පැවති ඩිමොක්‍රටික් ජාතික සමුළුවේදී නියෝජිතයන්ද අමතනු ලැබුවා.

තම දරුවා බේරා ගැනීමට මෙම යුවළ ගාසා දේශසීමාව අසල රැස්ව සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ අනෙකුත් ඥාතීන් සමඟ එක් වුණා.

හර්ෂ් මම අම්මා… මම ඔයාට ආදරෙයි, ශක්තිමත්ව ඉන්න, බේරෙන්න,” හර්ෂ් ගෝල්ඩ්බර්ග්-පොලින්ගේ අම්මා මයික්‍රෆෝනයක් ආධාරයෙන් කෑ ගසා සිටියා.

ඇගේ පුත්‍රයා ඔක්තෝබර් 7 වැනි දින වෙනත් පුද්ගලයින් සමඟ බෝම්බ ගබඩාවක සඟවාගෙන සිටි නමුත් තුවක්කුකරුවන් එය වට කර අත්බෝම්බවලින් ප්‍රහාර එල්ල කළ බවද විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියා.

එදින හමාස් වීඩියෝ පටයක දැක්වෙන්නේ ඔහුව ට්‍රක් රථයකට පටවාගෙන යන බවත් ඔහුගේ වම් අතේ කොටසක් ප්‍රහාරයෙන් පිපිරී ගොස් අතුරුදහන් වී ඇති බවයි.

ඔහු අප්‍රේල් 24 වන දින හමාස් විසින් නිකුත් කරන ලද ජීවිතය පිළිබඳ සාක්ෂි වීඩියෝවක පෙනී සිටි අතර එහි ඔහු කියා සිටියේ වහලුන් “අපායේ” ජීවත් වන බවයි.

ඔහුගේ වම් අත වැලමිටට පහළින් කපා දමා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: