hit counter

2025 පෙබරවාරි මස 26 වන බදාදා

2022 අප්‍රේල් 19, ප.ව. 9:15



තරුණයන්ගේ ජන අරගලයට සහභාගී වීම සදහා තමා එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බව සම්මානනීය නළු  හිරාන් අබේසේකර පවසනවා.

තමන් මේ වනවිට එංගලන්තයේ ස්ථිර පදිංචිකරුවෙකු වන බවත් තමන්ට ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ ජන අරගලය පිළිබඳව දැන ගැනීමට ලැබුණ බවත් , ඒ අනුව එයට සහාය දීම සදහා පැමිණි බවත් හිරාන් අබේසේකර මහතා පැවසුවා .

ඒ අනුව තමන් කටුනායක ගුවන් තොටුපළේ සිට කෙලින්ම කොළඹ ගෝල්ෆේස් පිටිය බලා පිටත්ව යන බවත් තමන් මෙම ශ්‍රී ලංකාව තුළ දින 06 ක් රැදී සිටිමින් මෙම අරගලයට සහාය දැක්වීමට බලාපොරොත්තු වන බවත් පැවසුවා.

මාධ්‍යවේදියා: ඇත්තට ම ගෝල් ෆේස් යන්න ද ආවේ?

හිරාන්: අනිවාර්යයෙන්ම. නැත්නම් එන්න ඕනේ නෑනේ. මට මේක (සම්මානය) ගැන සතුටු වෙන්න ඕනේ. සතුටක් දැනෙනවා. හැබැයි ඒක වලාකුළු ගොඩකින් වැහිලා තියෙන්නේ. ඒක මම හිතන්නේ මොකකින් හරි මට බොක්කෙන් මෙහෙට ආයෙත් කතා කළා. ඉතින් මම ආවා.

එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති 2022 Laurence Olivier Awardsහි හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට හිරාන් අබේසේකර පසුගිය දා සමත් වුණා.