hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූලි 02, පෙ.ව. 12:01



බන්ධනාගාර ගත කිරීමත් සමඟ බුකිය පුරා හිරුණිකා ප්‍රේමචන්‍ද වෙනුවනේ කවි ගී ලියැවී තිබෙනවා දක්නට ලැබුණා.

එම වදන් වලින්, වචන වලින් පෙන්නේ දේශපාලනික කරුණු පදනම් කරගනිමින් බොහෝ දෙනෙකු හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රට බැන වැදුන ද ඇයට ආදරය දක්වන පිරිස් ද සිටින බවයි.

මේ අතර එලෙස දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රව බන්ධනාගාරය වෙත රැගෙන යද්දී ඇගේ මව සුමනා ප්‍රේමචන්‍ද්‍ර අදහාගත නොහැකි වේදනාවෙන් ඒ දෙස බලා සිටි අයුරු දැක ගැනීමට හැකි වුණා.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවට සටහනක් එක්කාසු කර ඇති අන්දම දැකිය හැකි වුණා. ඒ ඇයගේ සිරගත වීම සම්බන්ධයෙන්.

සටහන තබා තිබුණේ ඇගේ ෆේස්බුක් පිටුව යාවත්කාලීන කරන ඇඩ්මින් විසින්.

”දෛවයේ ඇතැම් සරදම් කිරීම් හා සොබාදහමට හා නීතියට ගරු කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉකුත් සිකුරාදා දින මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් අතරට එක් වූවා ය.

සාමාන්‍ය රැඳවියන්ගේ සිරකාවල් තුළම රැඳී සිටින ඈ ඔවුන් සමග සිය හැඟීම් හුවමාරු කරගන්නී ය.

දරුවන්ගේ ආදරණීය මතක හා වේදනා සමසිතින් දරාගෙන ඈ ශක්තිමත්ව සොබාදහමට අනුගත වෙමින් සිටින්නී ය.

ඇයගේ ඉක්මන් නිදහස් ආගමනය අපි සැමගේම ප්‍රාර්ථනයයි.

ඒ වෙනුවෙන් මේ මොහොතේ කතා කරන, ඈ වෙනුවෙන් සුබවාදී සටහනක් හෝ තබන, ඇය වෙනුවෙන්, දරුවන් තිදෙනා,ස්වාමියා,මෑණියන් හා සොහොයුරා නමින් ආශිර්වාද කරන සැමට කෘතවේදීත්වය පළකරමු.

ඇගේ පුනරාගමනය ද, ඔබ වෙනුවෙන් ආදරණීයව පෙනී සිටින, අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නගන, යුක්තිගරුක හා අවංකභාවයෙන්ම පිරුණු එකක් වන බවද මෙහිලා ශපථ කර සිටින්නෙමු.”

-Admin-





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: