hit counter

2025 ජූලි මස 09 වන බදාදා

2025 ජූලි 10, පෙ.ව. 12:59



පාකිස්තාන නිළියක වන 32 හැවිරිදි හුමයිරා අස්ගර් අලි (Humaira Asghar Ali) අබිරහස් ලෙස මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දේහය ඇය විසූ මහල් නිවාසයේ තිබියදී ඊයේ සොයාගත් බවයි.

කරච්චි පොලිසිය ඊයේ දිනයේදී ඇය විසූ මහල් නිවාසයට ඇතුළු වී ඇති අතර, එහිදී ඔවුනට හුමයිරාගේ දිරාපත්වූ සිරුර හමුව ඇති බව සඳහන්.

ඇය අදාළ මහල් නිවාසයේ තනිව, කුලී පදනමට ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

2024 වසරේ සිට ඇය කුලී ගෙවා නොමැති බවට නිවාස හිමියා විසින් චෝදනා කිරීමෙන් පසු ඇයව ඉන් ඉවත් කරන ලෙස වූ අධිකරණ නියෝගයක් මත පොලිස් නිලධාරීන් මෙලෙස එම මහල් නිවාස‍යට ගොස් තිබෙනවා.

එහිදී ඇයගේ සිරුර සොයා ගෙන ඇති අතර විමර්ශකයින් විශ්වාස කරන්නේ ඇගේ මරණය අවම වශයෙන් සති දෙකකට හෝ තුනකට පමණ පෙර සිදු වූවක් වන බවයි.

එමෙන්ම අසල්වැසියන් විසින් ගොඩනැගිල්ලේ පවතින දුර්ගන්ධයක් ගැනත්, එම නිවසින් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවට ද ආරක්ෂක අංශ වෙත පැමිණිලි කර තිබෙනවා.

කෙසේ නමුත් මරණයට හේතුව මෙතෙක් අනාවරණයව නොමැත.

එමෙන්ම අපරාධයක් සිදුවූ බවට ක්ෂණික සලකුණු ද නොමැති බවත් සඳහන්.

සිරුර සොයාගන්නා විටත් මහල් නිවාසයේ යකඩ ගේට්ටුව, ලී දොර සහ බැල්කනිය ද ඇතුළතින් අගුළු දමා තිබෙනවා.

හුමයිරා අස්ගාර් අලි, පකිස්ථාන නිළියක් සහ නිරූපිකාවක් ලෙස ප්‍රකටය.

ඇය වඩාත් කතාබහට ලක්වූයේ පාකිස්තාන ARY නාලිකාවේ ‘Tamasha Ghar’ රියැලිටි වැඩසටහන සහ 2015 දී තිරගත වූ ‘Jalaibee’ චිත්‍රපටය තුළිනි.

ඇය ‘Laali’ සහ ‘Sirat-e-Mustaqeem’ වැනි රූපවාහිනී කතා මාලාවලට මෙන්ම 2021 වසරේ ‘Love Vaccine’ නම් චිත්‍රපටයට ද රංගනයෙන් දායකව ඇත.

2023 වසරේදී ඇය “හොඳම නැගී එන තරුව” සඳහා වන සම්මානයකින් ද පිදුම් ලබා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: