2022 අප්‍රේල් 21, පෙ.ව. 9:20
උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්රය තුල සිටින අති දක්ෂ නිලියක්.
හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.
ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.
ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.
උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.
පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා.
ඇය තවමත් මේ ක්ෂේත්රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.
ඉතින් අද උමාලි ගැන කියන්නේ ඇයගේ මුහුණුපොතේ තැබූ සටහනක් හේතු කරගෙනයි.
අද පාස්කු ඉරිදා ප්‍රහාරයට අවුරුදු 3ක් ගත වෙනවා.
ඉතින් උමාලිත් ඉතා සංවේදී සටහනක් මේ වෙනුවෙන් සිය මුහුණුපොතට එක් කර තිබුනේ මෙලෙසයි,
මතක නෑ මේ ප්‍රහාර .
පල්ලි , හෝටල් විතරක් නෙමෙයි පන්සලත් ඉලක්ක කර හිටියා නේද?
තුවාල වුනේ මුලු ලංකාවම.
ආගම් ජාති උස් පහත් බේද නැතුව අපිට නැතිවුනේ අපේම ජනතාව , විදේශීයන්ද ඇතුලුව.
ජාතික විශ්වාසය බිඳුනෙ හොඳ ගානට.
ඇයි අදටත් යුක්තිය ඉටු කර නැත්තෙ මේ ත්‍රස්ථ ක්‍රියාවට??
බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා – නැවත ත්‍රස්ථ බිය පැතිර නොයත්වා !
අසාධාරණය වන්දි ගෙවත්වා – අකල් මරණ මගෙ දෙරණෙ නොවේවා!
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:07
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:04
2025 පෙබරවාරි 26, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:21
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:10