hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:10



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ගේ අවසන් කටයුතු පෙරේදා පස්වරුවේ සිදු වුණා. 

ජැක්සන්ගේ එකම එක මුණුබුරා තමයි ජේඩන් කියන්නේ.

“අප්පච්චී දැන් කොල්ලා හරි මුඛරියි…:” සජිත පුංචි පුතාගේ වැඩ රෙකෝඩ් කරගෙන ගිහින් සීයට පෙන්නුවාම ජැක්සන් ඒක බලලා කඳුළු සැලුවා කියලා තමයි සජිත නම් කිව්වේ.

ඒ සිද්ධිය වෙනකොට සජිතගේ අප්පච්චී කියා තිබුණේ මං උබේ කොල්ලා වඩා ගන්න එනවා කියලා.

ඒ කතාව සජිතටත් දැඩි කම්පනයක්.

ඒ නිසා ඔහු හිතාගෙන ආයේ ඒ වගේ දේවල් අප්පච්චිට නොකියන්න.

කොහොම වුණත් සජිත මේ කතාව කියලා මතක්කලේ මේ වගේ සිහියෙන් හිටපු අප්පච්චිට කියූ දේවල් කිසිවක් ඔහුට දරා ගන්නට බැරි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: