hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 මාර්තු 18, පෙ.ව. 8:32



පසුගියදා සම්මානයෙන්ද පිදුම් ලැබූ රංගනවේදී හා සිනමා නිර්මාණවේදී ජගත් මනුවර්ණ අද මාතර පැවති ජාතික ජන බලවේගයේ වේදිකාවේ කතාවක් කළා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ පාලන බලය මාලිමාව අත්පත්කරගන්නට ආසන්න අවස්ථාවක සිටින බවත් ඒ නිසා මේ දක්වා බලය රඳවාගෙන සිටි බොහෝ අය බියවී සිටින බවත්ය.

ලංකාවේ මේ වනවිට ඝාතන සංස්කෘතියක් බිහිව ඇති බවත් ප්‍රචණ්ඩත්වය ගැන පුවත් නිතර ඇසෙන බවත් ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් ඔහු සඳහන් කළා.

බැසිල් කියන ආකාරයට රනිල් බලය නැවත ගත්තේ රටේ ජාතික ආරක්ෂාව ගැන බලාගන්න බවත් ඔහු එය බලාගත් හැටි පෙනෙන බවත්ය.

ළමයින්ට තරුණයින්ට කාන්තාවන්ට තම සිතැඟි පරිදි ජීවත්විය හැකි පරිසරයක් මේ රටේ නැති බව ඔහු පැවසුවා.

මෙම වෙනස කළ යුත්තේ එවන් පරිසරයක් නිර්මාණය කිරීමට යැයිද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: