2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සබඳතාවක් පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
කලක් තිස්සේ රහසක්ව පැවති බව කියන මෙම සබඳතාව මේ වන විට ‘ප්‍රසිද්ධියට පත් රහසක්’ බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඔවුන් දෙන්නා ප්‍රසිද්ධ උත්සව වලට හා සම්භාෂණ වලටද එක්ව සහභාගී වන අතර යුවළක් ලෙස ඡායාරූප වලට පෙනී සිටීමටද පටන්ගෙන තිබේ.
ජානකී විජේරත්න මහත්මිය මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට නාමයක් වන අතර, ඇය කලා දිවිය ආරම්භ කරන්නේ රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙසිනි. පසුව රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ ඇය පූර්ණකාලීන චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන අතර, ජනප්‍රිය චිත්‍රපට සමාගමක් වන ලයිකා නිෂ්පාදන සමාගමේ ශ්‍රී ලංකා උප සභාපති ධුරය ද හොබවයි.
සනත් ගුණතිලක මහතා මෙරට සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පුරා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු සම්මානනීය රංගන ශිල්පියෙකි. මේ වන විට 69 වන වියෙහි පසුවන ඒ මහතා සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටියි.
නමුදු ඔවුන් විවාහ වෙලා කියලා නම්, බහුතරයක් දැනන් උන්නෙ නෑ. ඒ ගැන විශේෂ ප්‍රසිද්ධියක් ලබාදෙන්නත් සනත් – ජානකී යුවළ කටයුතු කළේ නෑ.
ඔන්න මේ වෙද්දි ඔවුන් නිල වශයෙන්ම ප්‍රකාශ කරලා, දෙන්නා මීට මාස හයකට පමණ ඉහත විවාහ වුණු බව.
ඒ වගේම ආදර කතාව පටන් ගත්තෙ කොහොමද කියලත් කියලා තිබුණා.
මේ සිය ජීවිතයේ නව පරිච්ඡේදය ගැන කියූ ජානකී විජේරත්න…
”අපි දෙන්නා නීතියෙන් විවාහ වෙලා ඉන්නෙ. කිසිම කෙනෙකුට කරදරයක් නොවී අපි දෙන්නා සතුටින් ඉන්නවා. මං හිතන්නෙ නෑ, අපි විවාහ වෙච්ච එකෙන් කාටවත් අසාධාරණයක් කරදරයක් වුණා කියලා.
අපි විවාහ වෙලා මාස හයක් විතර වෙනවා. වෙඩින් එකක් ගත්තෙ නැහැ. ලෝකෙට පේන්න එහෙම කරන්න ඕනි නෑ කියලා අපි දෙන්නා හිතුවා…”
මේ විදියට දෙන්නගෙ ආදර කතාව පටන් අරන් තිබුණෙ ‘රාණි’ සිනමාපටයේ වැඩකටයුතුත් එක්ක. ඒ ගැන සනත් ගුණතිලක කියූ කතාවයි මේ…
”හැමෝම දන්නවා මගේ ජීවිතේ යම් යම් අවස්ථාවලදී යම් යම් සබඳතා තිබුණා. අද වෙනකල් කිසිම මොහොතක ඒ සම්බන්ධතාවලදී මාත් එක්ක සම්බන්ධ වුණු පාර්ශ්වයන්ව හෙළා දැකලා කතා කරලා නෑ. අපහාස කරලා නෑ.
නමුත් යම් අවස්ථාවක සත්‍ය පැවසීමේදී ඒ අයට යම් ආකාරයක හිත් වේදනාවක් ඇති වෙන්න ඇති.
මෙතනදී සිද්ද වෙන්නෙ කාලාන්තරයක් තිස්සෙ තිබ්බ සම්බන්ධතාවයක් නෙවෙයි.
අපි රාණි චිත්‍රපටයෙ වැඩකටයුතු කරලා ඒ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා එළිදැක්වීමට යෑමේදී ,චිත්‍රපටයේ ප්‍රවර්ධනයට උදව් කිරීමට ගියාම තමයි අපි දෙන්නා අතරෙ අදහස්වල යම් යම් ගැළපීමක් තියෙනවා කියලා දැනෙන්නෙ.
ඒ දැනීම මත තමයි ඒ හැඟීම ඇති වෙලා ඊට පස්සෙ ඉතාම ඉක්මනින් තීරණයක් ගන්නෙ. මොකද එහෙම නොවුණා නම් විශේෂයෙන්ම එය ආශ්‍රයක් විදියට පවත්වාගෙන ගියා නම් ඒක සමහර වෙලාවල්වලදී යම් ආකාරයකින් ජානකීගේ පර්ශ්වයට අගතියක් වෙන්න තිබුණා. කටකතාවක් වගේ වෙන්න තිබුණා.
අදටත් අවලාද කියනවා… එහෙම කියන්නෙ අපිට වඩා ගව් ගාණක් පිටිපස්සෙ ඉන්න අය මිස, අපිට සම කරන්න පුළුවන් අය නෙවෙයි.
මට ඇය ගැන දැනුණු දේ, ඇයට මා ගැන දැනුණු දේ සමීප සබඳතාවක් ඇති වෙලා ඒක විවාහයකින් කෙළවර වෙන්න තරම් සුදුසුයි කියලා දෙන්නම තීරණය කළා.
ඒ නිසා අපි නිශ්ශබ්දව දැන් මාස හය හතකට ඉස්සරලා විවාහ වෙනවා.. අපට සුබපැතුම් රාශියක් එනවා.
යම් ආකාරයක විශ්මයකුත් ඇති මේ වගේ තීරණයක් මේ මනුස්සයා ගත්තෙ ඇයි කියන එක ගැන. එක්තරා විදියකට ඉතින් මට මගේ රජකාරීවලටත් ඉතාම විශාල රුකුලක් ඇයගෙන් ලැබෙනවා. ඒකත් මට විශාල ආශිර්වාදයක්. ඒ නිසා මම හිතනවා මට යම්කිසි ගමනක් යන්න පුළුවන් වෙයි කියලා.
අපි දෙන්නට අපි දෙන්නා හරි නම් ඒ ඇති…”
උපුටාගැනීම : Sudaa Creation සමඟ කළ කතාබහක් ඇසුරින්
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 22, ප.ව. 4:18
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:03
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 3:15
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25