2025 ඔක්‍තෝබර් 27, ප.ව. 2:47
ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක මහතා සහ චිත්‍රපට නිෂ්පාදිකා ජානකී විජේරත්න මහත්මිය අතර පවතින බව කියන ප්‍රේම සබඳතාවක් පිළිබඳව මේ දිනවල කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ.
කලක් තිස්සේ රහසක්ව පැවති බව කියන මෙම සබඳතාව මේ වන විට ‘ප්‍රසිද්ධියට පත් රහසක්’ බවට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඔවුන් දෙන්නා ප්‍රසිද්ධ උත්සව වලට හා සම්භාෂණ වලටද එක්ව සහභාගී වන අතර යුවළක් ලෙස ඡායාරූප වලට පෙනී සිටීමටද පටන්ගෙන තිබේ.
ජානකී විජේරත්න මහත්මිය මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රකට නාමයක් වන අතර, ඇය කලා දිවිය ආරම්භ කරන්නේ රංගන ශිල්පිනියක් සහ නිවේදිකාවක් ලෙසිනි. පසුව රංගනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ ඇය පූර්ණකාලීන චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස කටයුතු කරන අතර, ජනප්‍රිය චිත්‍රපට සමාගමක් වන ලයිකා නිෂ්පාදන සමාගමේ ශ්‍රී ලංකා උප සභාපති ධුරය ද හොබවයි.
සනත් ගුණතිලක මහතා මෙරට සිනමා ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් පුරා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වැජඹුණු සම්මානනීය රංගන ශිල්පියෙකි. මේ වන විට 69 වන වියෙහි පසුවන ඒ මහතා සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටියි.
නමුදු ඔවුන් විවාහ වෙලා කියලා නම්, බහුතරයක් දැනන් උන්නෙ නෑ. ඒ ගැන විශේෂ ප්‍රසිද්ධියක් ලබාදෙන්නත් සනත් – ජානකී යුවළ කටයුතු කළේ නෑ.
ඔන්න මේ වෙද්දි ඔවුන් නිල වශයෙන්ම ප්‍රකාශ කරලා, දෙන්නා මීට මාස හයකට පමණ ඉහත විවාහ වුණු බව.
ඒ වගේම ආදර කතාව පටන් ගත්තෙ කොහොමද කියලත් කියලා තිබුණා.
සිනමාවේ සොඳුරු පෙම්වතා වෙනුවෙන් ඇය සිය මුහුණුපොතේ හරි ආදරණීයම උපන්දින සුබපැතුමක් එකතු කර තිබුණා.
”විශ්වය මට මුණගස්වපු සොඳුරුතම හමුවීම ඔයා.
මෙතෙක් මට අහිමි වූ මගහැරුණු සියලු දේ නිසාම,
මගේ පුතා හැරුණු කොට මට හිමිවුණු වටිනාම හිමිවීමත් ඔයා..
අපේ හමුවීමත්, අපේ හිමිවීමත් සංසාරෙක හුරු බව නිසාම සිදුවුණු අපූරු ගැලපීමක්..
ඔයා වෙනුවෙන් මගේ හදවත පුරාම ආදරය පිරුණු බව පමණක් කියන්නම්.
සුභ උපන්දිනයක් වේවා…
මගේ හදවත ආදරයෙන් පිරිමැද, මගේ හද සසල කරවපු ප්‍රේමණීයම ප්‍රේමයට ආදරේ මං හැමදාමත්…”
උපුටාගැනීම : Janaki Wijerathne ෆේස්බුක් පිටුවෙන්
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:07
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:03
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:02
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25