2025 ජූලි 09, පෙ.ව. 12:06
මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ ශ්‍රිජිත් ජයශන් ඝාතනය කර ඔහුගේ සිරුර ජලය බැහැර කිරීමට යොදාගත් වළක සැඟවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මේ වන විට නිමා වී නැති සැටියෙකි. පොලිසිය එලෙස පවසන්නේ එම ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. මොවුන් අයිය – මලෝ වන අතර ඉන් එක් අයකු මාරවිල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව පොලිසිය කියයි.
ජයශන් ඝාතනය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය මීට දින කිහිපයකට පෙර ප්‍රධාන සැකකරුවන් ලෙස පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. මෙම සැකකරුවන්ගෙන් ලද ප්‍රකාශ මත ජයශන් ඝාතනය සිදුවූ මොහොතේ එම ඝාතනයට ආධාර අනුබල දෙමින් සිටි අය ලෙස මෙම අයිය – මලෝ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන්නේ සිද්ධිය වන මොහොතේ මොවුන්ද එම ස්ථානයේ සිට ඇති බවයි.
වෙන්නප්පුව පොලිසිය පවසන අන්දමට මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, කටුනේරිය පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වූ ශ්‍රිජිත් ජයශන් නමැති 37 හැවිරිදි අයෙකි. ඔහු අවිවාහකයෙකි. මොහු ඝාතනය කර තිබුණේ ඉකුත් 30 වැනිදා රාත්‍රියේය.
මෙම ඝාතනය මෙහෙයවූ එක් සැකකරුවකු වාහන සෝදන මධ්‍යස්ථානයක සේවය කරන පුද්ගලයෙකි.
ඉකුත් 30 වැනිදා රාත්‍රි 8ට පමණ කෝටිපති ව්‍යාපාරික ශ්‍රිජිත් ජයශන් සිය කැබ් රථයෙන් නිවෙසින් පිටව ගොස් ඇතත් ඔහු නැවත නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ මව මාරවිල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ, ජයශන් සිය කැබ් රිය සමඟ අතුරුදන්ව ඇති බව කියමිනි.
සිද්ධිය සම්බන්ධයෙන් මාරවිල පොලිසිය පරීක්ෂණ අරඹන ලදී. මාරවිල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනය අතරතුරදී වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ව්‍යාපාරිකයා සමඟ අතුරුදන් වූ කැබ් රිය වෙන්නප්පුව පොලිස් වසමේ කඩවත, උල්හිටියාව නිවෙසක ඇති බවට තොරතුරක් ලැබී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා දැනුවත් කිරීමෙන් පසු නිලධාරීන් කඩවත, උල්හිටියාව නිවෙසට ගොස් අතුරුදන් වූ කැබ් රිය එම නිවෙසේ තිබී සොයාගන්නා ලදී.
පසුව නිවෙසේ සිටි පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තවදුරටත් නිවෙස සෝදිසි කිරීමෙන් පසු නිවෙසේ අල්මාරියක තිබී ලේ තැවරුණු පිහියක්, ලේ තැවරුණු සෙරෙප්පු දෙකක්, ජංගම දුරකථනයක්, අව් කණ්ණාඩියක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගැනීමට නිලධාරීන්ට හැකි විණි. පසුව ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ශ්‍රිජිත් ජයශන් නමැති කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමටත් ඊට ආධාර අනුබල දුන් සෙසු කිහිපදෙනා හඳුනාගැනීමටත් නිලධාරීන්ට හැකි වී තිබේ.
ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ වූ වෙන්නප්පුව ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලිකරුවකු ගැන පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව විමර්ශන නිලධාරීන් පවසන්නේ කෝටිපති ව්‍යාපාරිකයාත් ඔහු ඝාතනය කිරීමට එක්වූ පිරිසත් සමීප මිතුරන් බවකි. එමෙන්ම කඩවත, උල්හිටියාව නිවෙසේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ව්‍යාපාරික ඝාතනයේ එක් ප්‍රධාන සැකකරුවකු බවටත් නිලධාරීන්ට ඒත්තුගොස් තිබේ. වෙන්නප්පුවේ ඉඩම් හිමි වැවිලිකරු අනෙක් ප්‍රධාන සැකකරු බවත් පොලිසිය කියයි.
ඉකුත් 30 වැනිදා මාරවිල, කටුනේරිය ප්‍රදේශයේ නිවෙසින් පිට වූ මෙම ව්‍යාපාරිකයා සිය මිතුරන් සමඟ උදාසිරිගම පොලිස් වසමට අයත් වාහන සේදුම් මධ්‍යස්ථානයක මත්පැන් සාදයක් පවත්වා ඇති බවත් කිසියම් සිද්ධියක් මුල්කරගෙන උත්සන්න වූ ආරවුලක් මත මෙම ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් ඇන ඇති බවත් විමර්ශනයේදී හෙළි වී තිබේ.
සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු එලෙස පිහියෙන් ඇනීමෙන් පසු ඝාතනය වූ ව්‍යාපාරිකයාගේ සිරුර එම වාහන සේදුම් මධ්‍යස්ථානයේම අපවිත්‍ර ජලය බැහැර කරන ලද වළේ තිබූ බවට අනාවරණය වීමෙන් පසු මේ සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කිරීමෙන් පසු අප ජලය බැහැර කරන වළ ආවරණය කර තිබූ කොන්ක්‍රීට් කඩා වළ තුළ තිබූ ව්‍යාපාරිකයාගේ සිරුර නිලධාරීන් සොයාගෙන තිබේ.
මෙම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු එක් ප්‍රධාන සැකකරුවකු වූ තැනැත්තා ඔහු සතුව ඇති මුදල් පසුම්බිය, අව් කණ්ණාඩි, ජංගම දුරකථනය, ලේ තැවරුණු පිහිය සහ සෙරෙප්පු දෙක සමඟ ඔහුගේ කැබ් රියද සිය නිවෙසට රැගෙන ගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
ඔහුගෙන් ලද ප්‍රකාශ මත මෙම ඉඩම් හිමි ව්‍යාපාරිකයාද අනෙක් අයිය – මලෝ දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයකු සාමාන්‍ය පෙළ විභාගය නිම වී උසස් පෙළ සිදුකිරීමේ අරමුණෙන් සිටි අයකු බවත් අනාවරණය වී ඇත.
පොලිසිය පවසන්නේ සිද්ධියට අදාළ සියලුම සැකකරුවන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවය.
හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරාගේ මූලික අධීක්ෂණය මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එස්.ඩී.ආර්. ප්‍රියන්තගේ උපදෙසින් වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චිගේ මෙහෙයවීමෙන් විමර්ශන අවසන් කෙරුණු අතර මාරවිල සහ උදාසිරිගම පොලිසිවල නිලධාරීහුද මූලික විමර්ශනවලට එක්ව සිටියහ.
(පොලිස් විමර්ශන ඇසුරෙනි.)
2025 ජූලි 09, පෙ.ව. 12:02
2025 ජූලි 08, ප.ව. 11:18
2025 ජූලි 08, ප.ව. 2:18
2025 ජූලි 08, පෙ.ව. 10:11
2025 ජූලි 08, පෙ.ව. 12:02
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
09-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25
08-07-25