hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:01



මරිය මව් තුමියට සමාන ස්වරූපයෙන් කඳාන නගරය ආශ්‍රිතව සුදු පැහැති ඇඳුමකින් සැරසී රාත්‍රී කාලයේ සැරිසරන නාඳුනන කාන්තාවකගේ දර්ශන ඇතුලත් වීඩියෝ රැසක් පසුගියදා සමාජ මාධ්‍යයේ පසුගියදා දැඩි කතාබහට ලක්වුනා.
අදාළ කාන්තාවගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

විදෙස් කාන්තාවක බවට සැක කළ හැකි ඇය මරියතුමියගේ ස්වරූපය නිරූපණය කරන බවද ඇතැමුන් පැවසුවා.

ඒ අනුව ඇය සම්බන්ධයෙන් සමාජය තුළ පැවතියේ දැඩි කුතුහලයක්.

මේ සිදුවීම සම්බන්ධයෙන් කඳාන පොලිසිය සඳහන් කළේ ඇය රුසියානු ජාතික කාන්තාවක් බව සිදුකළ පරීක්ෂණවලදී හෙළි වූ බවයි.

ඇය මෙරටට පැමිණ බෞද්ධ දර්ශනයේ පවතින භාවනා ක්‍රම සම්බන්ධයෙන් අධ්‍යනය කටයුතුවල නිරත වන බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

ඇය කතෝලික ආගමේ කාන්තාවක් වුවද බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ඇති ලැදියාව මත ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවත් ඒ අතරතුර කඳාන ප්‍රදේශයේ පිහිටි කතෝලික පල්ලියක් වෙත යමින් සිටියදී රූ ගත කළ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: