2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:02
ගෙවුණු දිනවල ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චි, රෝගාතුරව රෝහල් ඇඳක පසුවන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරාම මහත් කතාබහට ලක්වෙන්න ගත්තා.
ඉන් ඔහුට ආදරේ කරන රසික සමූහයා මහත් කලබලයට පත්වුණා කිව්වොත් හරි.
වීඩියෝව එයාකාරයෙන් හුවමාරු වෙන්න අරන් රසිකයින් කලබල වෙනවාත් එක්කම කමල් අද්දරආරච්චි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම සිදුකර තිබුණා.
ඒ, තමන් සුවෙන් පසුවන බවත් අදාළ වීඩියෝව ගීත රූප රචනාවක රූගත කිරීමකට අදාළ වන බවත් සඳහන් කරමින්.
කොහොම නමුත් එහි තිබුණු තාත්ත්වික බව නිසාම රසිකයින් කලබලයට පත්වීම අරුමයකුත් නෙවෙයි.
මෙයාකාරයෙන් කමල් අද්දරආරච්චිව වෙස්ගන්වලා තිබුණෙ, සම්මානනීය වේශ නිරූපණ ශිල්පී විදුර අබේධීර.
එම ගීතය, ඕෂද හේමන්තගේ නිර්මාණයක් වන “හිරු කිරණ තාත්තා”
මේ අදාළ සිදුවීම පිළිබඳව, කමල් අද්දරආරච්චි තබන ලද සටහනයි….
”පිය සෙනෙහසට පිදෙන “හිරුකිරණ තාත්තා” නම් වූ ගායක ඕෂද හේමන්ත ගායනා කළ ගීතයේ රූපරචනයේ දර්ශන රූගත කළ අවස්ථාවේ එතැන සිටි යමෙකු විසින් එහි ඇති දර්ශනයකට මා පෙනී සිටි අවස්ථාවේ ඉන් කොටසක් සිය ජංගම දුරකථනයෙන් රූගත කර පසුව මටද නොදන්වා අනවසරයෙන් එම රූපරාමු “කමල් අද්දරආරච්චි” යන සිරස්තලයෙන් යුතුව එය අන්තර්ජාලයට මුදා හැර හෙතෙම සියුම් නරුම වින්දනයක් ලබමින් ලක්ෂ සංඛ්‍යාත අන්තර්ජාලයේ සැරිසරන පිරිසක් නොමඟ යවමින් මා ඇතුළු මාගේ රසිකයින් හා හිතෛෂීන් දැඩි අපහසුතාවකට පත් කළ පුවතක් මැවීමට සමත්වුණා.
එම රූපරචනාවට උචිත අයුරින් මා වෙස්ගැන්වු සම්මානනීය වේශ නිරූපන ශිල්පී විදුර අබේධීර සොයුරා මට කදිම වෙස්ගැන්වීමක් කළා.
2025 අගෝස්‍තු 29, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:01
2025 අගෝස්‍තු 27, ප.ව. 5:21
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:10
29-08-25
29-08-25
29-08-25
29-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25