2022 ජූනි 30, පෙ.ව. 11:07
කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් අතරින් 232ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් 200කට වැඩි පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනුරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මේ අතර කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී එහි රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව ඔහු පැවසුවා.
එම මරණය සම්බන්ධයෙන් කිසිවෙකු වැරදිකරුවෙකු බව තහවුරු වුවහොත් ඔහුට නිසි දඬුවම ලබාදෙන බව මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, පුනරුත්ථාපන කොමසාරිස්වරයා කියා සිටියේ පොලිස් භාරයට ගත් රැඳවියන් පොළොන්නරුව අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.
මේ අතර නැවත මධ්‍යස්ථානය වෙත ගෙන ආ රැඳවියන් ඊයේ පස්වරුවේ මියගිය රැඳවියාගේ දේහය රැගෙන ඉන් පිටතට පැමිණ විරෝධතාවල නිරත වූ බවයි වාර්තා වන්නේ.
ඊයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සහ එහි සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් රැඳවියන් සිය අදහස් මෙසේ ප්‍රකාශ කළා,
“මේක ඇතුළට ආයේ අපිව යැව්වොත් මීට හපන් දෙයක් කරලා එන්නේ. පොලු වලින් ගහලා අපිට හොඳ පනිෂ්මන්ට් එකක් දෙයි.”
“උසාවි ගිහිල්ලා එද්දී රෙදි ටික නැති වුණා. රෙදි ටික ඉල්ලුවා කියලා තමයි ගැහුවේ. හරියට රෙද්දක්වත් නැහැ අදින්න. කොල්ලෙක්ව ගහලා මැරුවා.”
“අපේ කෑම එක හොරෙන් කන්නේ. අපිට හම්බ වෙන සීනි ඇටය පවා මුන් හොරෙන් කන්නේ.”
“බන්ධනාගාරය කොහේ අරන් ගියත් කමක් නැහැ මේකට නම් යවන්න එපා. මේකට යැව්වොත් මරලා යවනවා. ඊයේ රෑ කොල්ලෙකුට ගහලා ගහලා මැරුවා. තව කොල්ලෙක් අතුරුදහන්”
“ගහන ගැහිලි දැක්කොත් පිස්සු හැදෙනවා.අපි කියන්නේ මෙච්චරයි අපිව බස් එකක පටවලා කොහේ හරි බන්ධනාගාරයකට යවන්න.”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20