hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 ජූනි 07, ප.ව. 4:56



භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරිනියක් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චන්දිගාර් ගුවන්තොටුපොළ තුළ දී ඇය මෙම අකරතැබ්බට මුහුණදී ඇති බවයි.

කන්ගනා රනාවුත්ට මෙලෙස පහර දී ඇත්තේ චන්දිගාර් ගුවන්තොටුපොළේ සේවයේ නියුතු කුල්වින්දර් කෝර් නම් මධ්‍යම කාර්මික මර්මස්ථාන ආරක්ෂක බළකායේ නිලධාරිනියකි.

ඉන්දියාවේ පැවති ගොවි විරෝධතාවල දී කන්ගන් සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළකරමින් එම නිලධාරිනිය මෙලෙස කන්ගනා රනාවුත්ට පහරදී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කුල්වින්දර් කෝර් වැඩ තහනමකට ලක්කර ඇයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: