2024 අගෝස්තු 05, පෙ.ව. 12:02
බෙලරූස් රාජ්‍යයේ ගුවන් තොටුපළක දී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක ලොකු පැටී නමැත්තා මාසයක කාලයක් බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වෙනවා.
බෙලරූස් අධිකරණය ලබාදුන් නියෝගයකින් පසු මෙම පාතාල නායකයා විශේෂ ආරක්ෂාවක් යටතේ බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකු කියා සිටියේ ලොකු පැටී මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
මෙම පාතාල නායකයා මාසයක කාලයක් බෙලරූස් බන්ධනාගාරයේ රඳවා තැබීමෙන් පසු මොහු මෙරටට ගෙන ඒම සඳහා කටයුතු කරන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර බෙලරූස් රාජ්‍යයේම වෙනත් ස්ථානයක දී අත්අඩංගුවට ගත් බව කියන පාතාල නායක කංජිපානි ඉම්රාන්, රොටුඹේ අමිල නමැති පුද්ගලයන් සහ පාතාලය සම්බන්ධව තවත් දෙදෙනකුගෙන් එරට විශේෂ පොලිස් කණ්ඩායමක් ප්‍රශ්න කරගෙන යන බව සදහන්.
මෙම අපරාධකරුවන්ද මෙරටට ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව යි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
මෙම පාතාල නායකයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හමුවේ කර තිබූ පැමිණිලිවලට අනුව ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියි.
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
26-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
24-12-24
24-12-24
24-12-24
24-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24