hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 01, පෙ.ව. 10:41



මාර්ගයේ ගමන් කළ තෙල් බවුසර් 2ක් කන්තලේ IOC පිරවුම්හලේ පෝලිමේ සිටි ජනතාව විසින් ඊයේ මාර්ගය හරස් කර නතර කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ත්‍රිකුණාමලය, කොළඹ ප්‍රධාන මාර්ග අවහිර කරමින් තෙල් බවුසර් 2 මාර්ගයේ නවතා ජනතාව ඉල්ලා සිටියේ තමන්ට ඉන්ධන ලබා දෙන ලෙසයි.

තත්ත්වය පාලනය කිරීමට යුධ හමුදාව මැදිහත් වීමෙන් පසු ඇති වූ තත්ත්වයයි මේ.

“මෙහෙමයි තමුන් තේරුම් ගන්නවා. ලංකාවේ හැම තැනම මිනිස්සුන්ට ඩීසල් ටික යන්න ඕනේ, තෙල් ටික යන්න ඕනේ. කන්තලේ එවුන්ට විතරක් නෙවෙයි. කන්තලේ එවුන්ට අපි අනන්තවත් තෙල් ටික ගහලා දෙනවා. තමුසෙලා මෙතන පාර වැහුවම හරි යනවද? ආත්මාර්ථකාමී වෙන්න එපා තමුසෙලා. මගේ ගෙදර මිනිස්සුත් දවස් තුනක් පෝලිමේ දැන්. ඒ මිනිස්සුන්ට තෙල් බිංදුවක් යන්නේ නැහැ කොළඹට. කන්තලේට තමයි ලංකාවේ වැඩිම තෙල් ටික දෙන්නේ. තමුසෙලට ඊයේ බවුසර් 2ක් ගෙනල්ලා දුන්නා. පෙරේදා ගෙනල්ලා දුන්නා. එක දවසක් නැති වෙච්ච ගමන් තමුසෙලා පාර වැහුවම හරි යනවද? මේකේ නීතියක් තියෙනවා. තමුසෙලා හවසට ගංජා ටිකක් ගහලා, කසිප්පු ටිකක් ගහලා මෙතන රගන්න එන්න එපා පාරේ. මේ කියන්නේ තේරෙන භාෂාවෙන්. නොතේරෙන භාෂාවෙන් කතා කරන්න තියන්න එපා ආයෙත්. අනිත් එවුන්ටත් එක්ක කියන්නේ මේ. පාර ක්ලියර් කරලා දෙන්න. හොදින් කියන්නේ ක්ලියර් කරලා දෙන්න. බැරි නම් අපි ක්ලියර් කරලා දෙන්නම්. ඕගොල්ලොන්ට බැරි නම්. රටේ නීතියක් තියෙන්නේ එපැයි. අපිත් කරන්නේ රාජකාරියක්. තමුසෙලා වගේම තමයි අපිත්. අපි එළිවෙනකන් මේකේ රාජකාරි කරනවා. කැත වැඩ කරන්න එපා අයිසේ කැත වැඩ කරන්න එපා. පොලිසියේ මහත්වරු ඕගොල්ලෝ හොදින් ක්ලියර් කරලා දෙන්න පාර. නැත්තම් අපි ක්ලියර් කරලා දෙන්නම් බැරි නම්. ඉවසුවනේ දවස් ගාණක්. ඉස්සෙල්ලා සිවිල් නීතිය ක්‍රියාත්මක කරලා මේක අපිට ක්ලියර් කරලා දෙන්න. මේ ලෙඩෙක් අසනීප කාරයෙක්, හදිසි ලෙඩෙක්, ඇම්බියුලන්ස් එකේ යන්නේ කොහොමද?”

පෝලිමේ රැඳී සිටි අයෙක් හා යුධ නිලධාරියෙක් අතරත් එහිදී ගැටුමක් ද ඇති වුණා.

හමුදා නිලධාරියා – “උඹ මොකක්ද කිව්වේ? ආමි එක…. අයිඩින්ටි කාඩ් තියෙනවා. අයිඩින්ටි කාඩ් එක තියෙනවා නම් මොකටද ටෝකන් කියලා. උඹ ලොරි ටෝක් දුන්නා නේද එතන? අද අන්තිම දවස තේරෙන භාෂාවෙන් කතා කරන. උඹව කෝටු මස් කරනවා දැන ගනින්.”

පසුව කන්තලේ පොලීසියත් ප්‍රශ්නය විසඳීමට මැදිහත් වුණා.