2024 නොවැම්බර් 22, පෙ.ව. 12:07
ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක් වන කෞශාල් රණසිංහ, මේවන විට ජාත්‍යන්තර ආයතනයක නීතිවේදියෙක්, මානව හිමිකම් සහ තරුණ කටයුතු පිළිබඳව Advocacy නිලධාරියෙක් ලෙස කටයුතු කරන අතර, ප්‍රංශයේ සරණාගත ප්‍රජාව පිළිබඳව නීති උපදෙස් ලබාදෙමින් කටයුතු කරනු ලබනවා.
ඒ වැඩ කටයුතු අතරම නර්තනයට ද ඔහු සම්බන්ධ වන අතර, “සකුන්තලා” බොලිවුඩ් බැලේ නාට්‍ය සඳහා තිබුණු ඔඩිෂන් එකට ඔහු සම්බන්ධ වීමත් සමඟ එයට සහභාගි වූ ඉන්දියානු සහ ප්‍රංශ ජාතිකයන් ඉක්මවා මෙහි ප්‍රධාන චරිතය ලබා ගැනීමට ඔහුට හැකි වෙනවා.
විශේෂයෙන්ම ඉන්දියානු කතක් නර්තන සම්ප්රදාය තුළ ශ්‍රී ලාංකිකයකු මෙවැනි අවස්ථාවක් ලබා ගැනීම අගය කළ යුතු වනවා.
ඊට හේතුව වන්නේ බොහෝ ඉන්දියානු පිරිසක් ප්‍රංශයේ ජීවත් වුවද ශ්‍රී ලාංකිකයෙකුට දක්ෂතාව මතින් එවැනි අවස්ථාවක් හිමිවීමයි.
ඊටත් අමතරව වෘත්තිමය නර්තන ශිල්පීන් සමග ලංකාවේ අයෙකුට මෙවැනි අවස්ථාවක් ලැබීම අගය කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ආචාර්යවරයෙක් වන රවිබන්දු විද්‍යාපති මහතාගේ සහ ප්‍රවීණ කතක් නර්තන ආචාර්ය මෝක්ෂා සමරසූරිය මහත්මියගෙ ශිෂ්‍යයකු විදිහට කෞෂාල් රණසිංහ ඉගෙනගෙන තිබෙනවා.
ප්‍රංශයේ ජාතික කෞතුකාරයක් වන කැමෛලි කලවුඩි ඉන්දියානු ඉතිහාසයත් එක්ක සම්බන්ධ සුවිශේෂී කෞතුකාගාරයක්, මෙහි තිබෙන එක්තරා ප්‍රතිමාවක් නිසා, සහ පනහ දශකයේ ඉදිරිපත් වුනු සුවිශේෂී බැලේ නර්තනයක් නිසා ප්‍රංශය පුරාම ඉතා ප්‍රසිද්ධයි.
1950 දශකයේදී ශකුන්තලා නැමති සුවිශේෂී පිළිමය මෙම කෞතුකාගාරයට ලැබෙන අතර, ඒ පිළිබඳව සොයාගෙන ගියපු ප්‍රංශ කලාකරුවන් විසින් ඉන්දියානු ඇඳුම් ආයිත්තම් යොදාගෙන සකුන්තලා නාට්‍ය බැලේ නාට්‍යයක් විදිහට ඉදිරිපත් කරනවා.
නැවතත් 1980 දශකයේ දී මෙය ප්‍රතිනිර්මාණය වන අතර 2024 මේ අවුරුද්දේ ඔවුන්ගේ සුවිශේෂී ව්‍යාපෘතියක් විදිහට ඉන්දියානු නර්තන සම්ප්රදායක් වන කතක් නර්තනය සහ bollywood සම්ප්රදාය යොදා නැවත වේදිකාගත වීමට නියමිතයි,
ඔවුන් මෙවර ඉන්දියානු නර්තන අධ්‍යක්ෂකවරයෙක් වන ඉන්දියාවේ රාජස්ථානයේ පාරම්පරික කතක් පවුලකින් පැවත එන කමල් කාන්ත් සහ පැරිසියේ ත්රිවාත් නර්තන ඇකඩිමිය වෙත භාරදී තිබෙනවා.
මෙහි ප්‍රධාන චරිත දෙක වන්නේ ශකුන්තලා සහ දුශ්යන්තයි. එහි දුශ්ශන්තගෙ චරිතය රඟ දක්වන්නේ ශ්‍රි ලාංකිකයෙක් වන කෞශාල් රණසිංහ විසින්.
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:01
2024 නොවැම්බර් 21, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 21, පෙ.ව. 12:02
2024 නොවැම්බර් 20, පෙ.ව. 12:04
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
22-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24
21-11-24