hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 26, පෙ.ව. 12:01



ජනප්‍රිය රංගන ශිල්පී කවිංග පෙරේරා සිය බිරියගෙන් වෙන්වීමෙන් පසු මාධ්‍ය ඉදිරියේ තමාගේ වත්මන් ස්ථාවරය ගැන පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

කවිංග 2018 ජනවාරි මස  යුග දිවියට පිවිස සිටියේ වෘත්තියෙන් වෛද්‍යවරියක සමගිනි.

ඇය සනායා නම් වූ අතර මේ දෙදෙන යෝජනාවකින් මුණගැසී පසුව වසර 2 ක  කාලයක් තිස්සේ පෙම් සබඳතාවයකින් පසු විවාහවූ බව පවසා තිබුණි.

වසර 6 කින් විවාහය බිඳීයාමෙන් පසු රූපවාහිනී නුගසෙවණ වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසූ අදහස් පහත පරිදිය.

අම්මා තාත්තාගේ ආදරය අහිමි වෙලා. දැන් ඔබ බිරිඳගෙන් වෙන් වෙලා. ගොඩක් වෙලාවට නංගිත් ඉන්නෙ ඈත නිසා හුදකලා ජීවිතයක් ඇතුලේ  ආදරයක් නැද්ද? හොයමින් ඉන්නවද ?

“එකක් මම මේකට හරි ආදරෙයි. එකක් මම මට ආදරේ කරන්න පටන් අරන්. කාවක් වත් මට බලෙන් ලඟ තියාගන්න බෑ. මං එක්තරා දවසක කිව්වෙ අපි ආදරේ කරන්නෙ අපිට ආදරේ කරන මිනිස්සුන්ට නෙමෙයි. අපිව ගණන් ගන්නේ වත් නැති අපිට වටිනාකමක් දෙන්නෙ නැති මිනිස්සු පස්සේ තමයි අපි හැමදාම ගිහිල්ල ආදරෙන් පරාද වෙලා තියෙන්නෙ. අපිට ආදරේ කරන්න මනුස්සයෙක්ට අපි ආදරේ කරානම් මේ ලෝකෙ හරිම සුන්දරයි. ඒක නිසා ආදරය කියන අකුරු 4 ටම කවදාවත් වෛර කරන්නෑ මම කාටවත් කියන්නෙ නෑ ආදරේ කරන්න එපා කියලා මට වැරදුනා කියලා තව කෙනෙක්ට වරදින්නේ නෑ. එයාට අල්ලගෙන ඉන්න පුළුවන්. ඒක නිසා. මම තාමත් මේ තනිකමට ආදරේ. මං දැන් තනිකමට ඇබ්බැහි වෙලා තියෙන්නේ. හැබැයි ඒක ඇතුලෙ මාව හොයනවා. මම විඳිනවා මට ආදරේ කරන්න පටන් අරන් තියෙනවා.

අපි කොච්චර මිනිස්සුන්ට ආදරේ කරත් සමහර මිනිසුන්ට ඒ ආදරේ දැනෙන්නේ නෑ. එකට හේතුව. ඒ ගොල්ලෝ ආදරේ හොයන්නේ සමාජය ඇතුළේ.සමාජයට ඔවුන් විදිහට ඒ ගොල්ලෝ ආදරේ කරන්නෙ.ගෙදර ඉන්න මනුස්සයට ඕන විදිහට නෙමෙයි ආදරය කරන්නෙ. සමහරවිට මගෙත් අඩුපාඩු තියෙන්න ඇති සමහර ආදර කතන්දර ඇතුළේ. සමහර මගේ ආදරය වදයක් වෙලා ඇති සමහර තැන්වල. මගේ ජීවිත කාලය පුරාවටම මාස දෙකකට තුනකට කලින් වෙනකං මං හෙව්වෙම ආදරේ විතරයි. මුකුත්ම බලාපොරොත්තු වෙච්ච කෙනෙක් නෙමෙයි මගේ ජීවිතේ. මම දැන් තනිකමට හරි ආදරෙයි. මං හරිම සන්තෝසෙන් තනිකම් ඇතුළේ. ගෙවල් දොරවල් අස්පස් කරගෙන කෑම ටිකක් උයාගෙන. සුරතලේට ඇති කරන සතෙක් ඉන්නවා. ඒ සතෙක් හරි ආදරෙන් බලාගෙන. මගේ ජීවිතේ මං හරි සතුටින් ගෙවනවා.

මට සුවිශේෂී කෙනෙක් ඉන්න පුළුවන්. මගේ ආදරේ වෙන් වෙලා ගියාට පස්සෙ මට දැනෙන කෙනෙක් ඉන්න පුලුවන්. එහෙම අයත් සමාජයේ යාළුවන්ට ඕන විදියට සමාජයේ මිනිස්සුන්ට ඕන විදියට මගේ දුක කියද්දී ඇයි ඔයා අඬන්නේ?මොකද අඬන්නේ ඔයාගෙ විතරක් නෙවෙයි අම්මා තාත්තා නැතිවෙලා ඉන්නෙ. අනිත් හැමෝගෙම අම්මා තාත්තා නැති වෙලා ඉන්නවනේ. කියන්නෙ නැහැ. එහෙම උනා කියල පිරිමියෙක් හැම ගෑනියෙක් ගාවම අඩන්නෙ නැහැනෙ. තමුන්ගේ හිතට දැනිච්ච ගෑනි ගාව තමයි පිරිමි හැම වෙලේම අඩන්නෙ. ඒක ගැහැණිය තේරුම් ගන්නෑ. සමහර ගොඩක් ගැහැණු නෙමේ. සමහර ගැහැනුන්. හැබැයි මං එහෙම මගේ අම්මගේ අප්පච්චිගේ  සොහොන ගාවට ගිහිල්ල මම හිත හදාගෙන තියනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: