2022 සැප්‍තැම්‍බර් 10, ප.ව. 1:54
දෙවැනි එළිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව එක්සත් රාජධානියේ රජු බවට පත්, තුන්වැනි චාල්ස් අද (10) බකිංහැම් මාලිගය වෙත පැමිණ ප්‍රථම ජාතිය ඇමතීම සිදු කළා.
එහිදී සිය මවට උපහාර පුද කළ ඔහු ජනතා සේවය නොපිරිහෙලා සිදුකරන බවද කියා සිටියා.
සිය බිරිඳ වන කැමිලා බිසව සමග බකිංහැම් මාලිගය වෙත පැමිණි චාල්ස් රජු, එහි ඉදිරිපිට සිය මව වෙනුවෙන් ජනතාව තබා තිබූ ශෝක පණිවුඩ කියවීමටද කාලයක් වෙන්කර ගත්තා.
එහිදී, එම පණිවුඩ එකිනෙක කියවමින් ගිය රජු සංවේදී වූ අවස්ථා පැවති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
තුන්වැනි චාල්ස් ලෙස අභිෂේකය ලැබූවද, ඔහුගේ සාම්ප්‍රදායික ඔටුනු පැලඳවීම තවත් කල්යනු ඇති බව කියැවෙනවා.
2026 පෙබරවාරි 09, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 08, පෙ.ව. 12:30
2026 පෙබරවාරි 08, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 07, ප.ව. 6:27
2026 පෙබරවාරි 07, ප.ව. 6:22