hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 30, ප.ව. 1:11



මුලතිව් මුහුදු වෙරලේ පෙරේදා (28) දින සවස සංවිධානය කොට තිබූ සරුංගල් සැණකෙලියක් සඳහා ඒල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් ඊලාම් සිතියම ඇතුලත් ධජය විදහා දක්වමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවනට යැවීම හේතුවෙන් අදාල තරුණයාගේ මුලතිව් පොලීසිය ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබෙනවා.

මුලතිව් වෙරලට අලංකාරයක් ඒක්කරනු පිණිස ප්‍රදේශයේ තරුණයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම සරුංගල් සැණකෙලිය සඳහා මුලතිව් දිස්ත්‍රීක්කයේ බාල මහලු බොහෝ පිරිසක් සිය සරුංගල් නිර්මාණයන් ගුවනට යවමින් විනෝද වූවා.

කෙසේ වෙතත් මේ අතරේ යුද සමයේදී ඒල්.ටී.ටී.ඊ සංවිධානයේ ඊලාම් සිතයම හා ඒම සංවිධානය ජාතක ධජය ලෙසින් හැඳින් වූ නියගලා මලද අඩංගු කරමින් සරුංගලයක් නිර්මාණය කොට ගුවන්ගත කිරීම හේතුවෙන් ඒම සරුංගලය කාගෙත් අවධානයට යොමු විය.

කෙසේ වෙතත් අදාල සරුංගලය පිළිබඳව මුලතිව් පොලීසියට කරුණු අනාවරනය වීමෙන් පසුව ඊයේ (29) දින අදාල තරුණයා සොයා ප්‍රශ්ණ කිරීමට පියවර ගත් බවටද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පියවර ගනු ලැබුවා.

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදීද සෑම වසරකම ජනවාරී මස තෛපොන්ගල් දිනට සමගාමීව විශාල සරුංගල් සැණකෙලියක් සංවිධානය කෙරෙන අතර ඒයට සමගාමීව මුලතිව් මුහුදු වෙරලේදීද ඉදිරියේදී සරුංගල් සැණකෙලි සංවිධානය කරන බවට මුලතිව් සරුංගල් සැණකෙලිය සංවිධානය කරන ලද තරුණයින් වැඩිදුරටත් පැවසූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: