hit counter

2024 සැප්‍තැම්‍බර් මස 29 වන ඉරිදා

2024 ජූනි 27, පෙ.ව. 12:02



ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා ලෙසින් ඔබ හමුවට ආ ඔහු මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන ‘පාට කුරුල්ලෝ’ ටෙලි නිර්මාණයේ මංජිතය.

‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ සන්නාමය බවට පත් වූ බණ්ඩා මෙන්ම මංජිත ද ප්‍රේක්ෂක සිත්වල පෙරළියක් කරමින් සිටින බව පැහැදිලිය.

කුසල් පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් දක්වා තිබුණා.

කුසල් කියනවටත් වඩා බණ්ඩා කිව්වම තමයි ඕනෑම කෙනෙක් ඔබව දන්නේ. එතකොට මංජිත වෙලා මේ දවස්වල කරන සෙල්ලම මොකක්ද?

ඇත්තම කිව්වොත් ‘පාර දිගේ’ ටෙලි නිර්මාණයේ බණ්ඩා කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. බණ්ඩාට ප්‍රේක්ෂකයො පුදුමාකාර ආදරයක් දුන්නා. අදටත් ඒ ආදරේ අඩුවක් නෑ. අදටත් බොහෝ දෙනා කතා කරන්නේ, හැඟීම් බෙදා ගන්නේ බණ්ඩත් එක්ක. ‘පාට කුරුල්ලෝ’ ටෙලි නිර්මාණයේ මංජිත විදිහට එළියට එන්නෙත් එදා ඒ ලැබුණු පන්නරයම තමයි. මේ දවස්වල මංජිතටත් බණ්ඩට වගේම ආදරයක් ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි.

ඒ කියන්නෙ මංජිතට පාර කපල දුන්නෙ බණ්ඩා?

ඔව්. මං හිතන්නෙ බණ්ඩා වෙන්න ඕන මංජිත වෙන්න සුදුසුකම වුණේ. ‘පාට කුරුල්ලෝ’කියන්නෙත් සිවා අයියගෙම වැඩක්. තිර පිටපත බුද්ධික සේමසිංහගේ. ඔහුත් දක්ෂ තිර පිටපත් රචකයෙක්. මට මංජිතගේ චරිතය කරන්න කියලා අධ්‍යක්ෂවරයාගෙන් සහ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියගෙන් ආරාධනාව ලැබුණේ. මේ තුන් දෙනා එක්කම මං වැඩ කරල තියෙන නිසා හරිම සතුටින් භාරගත්තා. නැවතත් හොඳ නිර්මාණයකින් මිනිස්සු අතරට යන්න පුළුවන් වුණා කියල හිතෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: