2025 ජූනි 13, පෙ.ව. 12:04
මිනිස් සිරුරේ ප්‍රමාණයට සමාන ප්‍රමාණයෙන් යුක්ත ”Labubu” බෝනික්කෙකු (Labubu doll) අමෙරිකානු ඩොලර් 150,000 කට වඩා වැඩි මිලකට අලෙවි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම විශාල ‘ලබුබු’ බෝනික්කා මෙලෙස අලෙවි වී තිබුණේ චීනයේ බීජිං නුවර පැවති වෙන්දේසියකදීයි. ඒ අනුව මෙම වාර්තාව ‘ලබුබු’ බෝනික්කෙක් අලෙවි වී ඇති වැඩිම මුදල ලෙස ඉතිහාසගත වනු ඇති.
වෙන්දේසිය පවත්වා තිබුණේ යොංගල් ජාත්‍යන්තර වෙන්දේසි සමාගම විසිනි.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, පැය 48ක කාලයක් ලබාදී තිබූ මේ වෙන්දේසිය සඳහා 200 ඉක්මවු පිරිසක් ලංසු තබා තිබූ බවයි.
ඊට අමතරව තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අන්තර්ජාලය ඔස්සේ ද ඊට ලංසු තබා තිබෙනවා.
‘ලබුබු’ මැයෙන්, ලොව පුරා ජනප්‍රිය මෙම බෝනික්කන් විශේෂය හුරුබුහුටි රාක්ෂ මුහුණුවරකින් යුක්තය.
කොරියානු පොප් සංගීත කණ්ඩායමක් වන Blackpink හි ලීසා ‘ලබුබු’ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර මෙම බෝනික්කාට ඉහළ ආකර්ෂණයක් ලැබීමට හේතු විය.
අනතුරුව එය බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ ද අවදානයට ලක්ව තිබිණ.
ඒ අතර, සුපිරි පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම් ඔහුගේ බෑගයකට ‘ලබුබු’ බෝනික්කෙකු සවිකර ඇති ඡායාරූපයක් Instagram හි බෙදාගැනීම කැපී පෙණින.
එමෙන්ම රිහානා සහ ඩුවා ලිපා ඇතුළු තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් විසින් මෙම සෙල්ලම් බඩුව සමඟ පෙනී සිටි TikTok වීඩියෝ ද එහි ජනප්‍රියත්වයට හේතුවිය.
‘ලබුබු’ නිර්මාණය කරන ලද්දේ දශකයකට පෙර හොංකොං කලාකරුවෙකු සහ චිත්‍ර ශිල්පියෙකු වන කේසිං ලුං විසිනි.
ඉන් පසුව ක්‍රමයෙන් එය ලොවපුරා වෙසෙන කලාකරුවන් අතර ජනප්‍රිය වූ අතර, එහි මිල ද ක්‍රමයෙන් ඉහළ ගියේ පවතින අසීමිත ඉල්ලීම නිසාවෙනි.
‘ලබුබු’ ඉහළ අලෙවි වාර්තා තැබූ වෙන්දේසිය මෙම බෝනික්කන් සඳහා වූ පළමු වෙන්දේසිය වීමත් විශේෂය.
චීන සෙල්ලම් බඩු සමාගමක් වන පොප් මාර්ට් විසින් විකුණන ලද ‘ලබුබු’ බෝනික්කන් සඳහා සාමාන්‍යයෙන් යුවාන් 50 ක් පමණ වැය වනු ඇති.
මෙම වසර මුලදී, පොප් මාර්ට් විසින් එක්සත් රාජධානියේ සියලුම වෙළඳසැල්වලින් මෙම බෝනික්කන් ඉවත් කිරීමට ද කටයුතු කර තිබේ.
ඒ, ගනුදෙනුකරුවන් බෝනික්කන් මිලට ගැනීම සඳහා ගැටුම් ඇති කරගන්නා බවට වූ වාර්තාවීම් හේතුවෙනි.
කෙසේ නමුත් මෙම ලබුබු බෝනික්කන්ගේ උන්මාදය පොප් මාර්ට් හි සාර්ථකත්වයට හේතු වී ඇත.
විදෙස් වාර්තාවන්ට අනුව 2024 වසරේදී සමාගමේ ආදායම යුවාන් මිලියන 13 ක් වූ අතර එය පෙර වසරට වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයක් ගනියි.
එමෙන්ම එය පසුගිය වසරේ ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් පහක නව වෙළඳසැල් විවෘත කිරීම ද විශේෂය.
2025 ජූනි 13, ප.ව. 5:58
2025 ජූනි 13, ප.ව. 5:48
2025 ජූනි 13, ප.ව. 1:18
2025 ජූනි 13, පෙ.ව. 7:46
2025 ජූනි 13, පෙ.ව. 12:05
13-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25
12-06-25
11-06-25
11-06-25
11-06-25
11-06-25
11-06-25
11-06-25
11-06-25
11-06-25
11-06-25
11-06-25