hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 10, පෙ.ව. 12:03



මේ දවස්වල සමාජ මාධ්‍ය වල විවිධාකාරයේ පුවත් හුවමාරු වෙනවා.

ඔබත් අපි මේ කියන කතාව දකින්න ඇති.

තම බිරිඳගේ රෝගී තත්වයක් ගැන කියමින් සැමියෙක් බිරිඳ හොයන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

ඔබට මතකද?

‘මගේ බිරිඳ අතුරුදන් වෙලා. ඇය පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනය සමඟ සටන් කරයි.. (පසු ප්‍රසව විෂාදය) කරුණාකර මට ඇයව සොයා ගැනීමට උදව් කරන්න. අවසන් වරට දුටු ස්ථානය: අතුරුගිරිය කඩුවෙල පාර…..’ මෙන්න මෙහෙමයි ඔහු මුහුණුපොතේ සටහනක් තබා තිබ්බේ.

ඔහුගේ මේ සටහනට බොහෝ දෙනෙක් සිය ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසයි.

‘මෙයා හොයා දෙන්න එපා. මෙයාට මට හොස්පිට්ල් එකේ දී හම්බුණා. මිනිහගේ තිරිසන්කම නිසයි පැනලා තියෙන්නෙ. මෙයාගේ කතාව කාසල් හොස්පිට්ල් එකේ වොර්ඩ් නොම්බර් 01 අහන්න. මෙයාට වද දෙන නිසයි ගිහින් තියෙන්නෙ…මේ කෙල්ලට දෙවි පිහිටයි!!’

‘ඔය කියන කතාව සහතික ඇත්ත. ජූලි 31 මං ක්ලිනික් ගියා. එතනදි මාත් දැක්කා මෙයාගේ හස්බන්ඩ් පුදුම වදයක් දුන්නා මෙයාට… ඩොක්ටර්ස්ලාටත් වද දුන්නා. පව් දෙයියනේ.. එයාගේ පවුලේ කෙනෙකුත් හම්බුණොත් හොඳයි…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: