hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:02



නිරූපමා, සිහින් දිගටි ඇස්, රන්වන් පැහැ සම ඇයට එකතු කළේ පුදුමාකාර ලස්සනක්..

කවුරුත් නම් හිතන්නේ නෑ, මේ තරම් ලස්සන කෙල්ලෙක්ට,  කොල්ලො වශයෙන් නොවී ඉඳීවි කියලා..

ඒ තරම් ඇයට තිබුණ පුදුමාකාර ලස්සනක්.. ඒත් ඇය ආදර සම්බන්ධතාවයක් පටන් ගන්න ඒ තරම් කැමැත්තක් දක්වපු තරුණියක් නෙමෙයි.. කොහොම වුණත් නිරූපමාගේ හිත නතර වුණේ හසංග ළඟ.. හසංග කියන්නේ කඩවසම් කොල්ලෙක්.. විවාහ යෝජනාවකින් මුණගැහුණු මේ දෙන්නා ඒ තරම් කාලයක් යන්නත් කලින් එක වහලක් යටට එන්න තීරණය කරනවා..

දෙමව්පිය ආශිර්වාදය මැද විවාහ වෙච්ච නිරූපමා සහ හසංග දැන් අඹු සැමියන්.. ඒත් ඒ පුංචි ගේ ඇතුලෙ සතුට තිබුණා වුණත් නිරූපට කාටවත් කියන්න බැරි විදිහ දුකකුත් තිබුණා.. ඇය ඒ ප්‍රශ්නේ විසඳන්න භාර දෙන්නේ කාලයට.. ඒ දෙන්න අතර කිසිම රණ්ඩුවක් තිබුණෙ නැහැ.. වචනවලින් ඇතිවන හිත්රිදවීම් නැති තරම්.. ඒත් නිරූපමා හොයපු සතුට ඒ ආදර කතාව ඇතුලේ තිබුණේ නැහැ…

විවාහ වෙලා අවුරුදු පහකට ආසන්න වුණත් මොවුන් දෙදෙන ආදරේ කිසිම කායික සම්බන්ධයක් නොමැති වීම, ඇයට හරි ප්‍රශ්නයක්.. මොකද ඇයත් කැමතියි දැන් දරු සුරතල් බලන්න.. ඒත් සැමියගෙන් එක වචනයකින් පවා හිත් රිදවීමක්වත් සිදු නොවෙන නිසා ඇයට මේ ගැන ඔහුගෙන් අහන්න හිත දුන්නේම නැහැ.. ඒත් කාලය ගතවෙන්න ගතවෙන්න මේ ප්‍රශ්නෙ ඔවුන්ගේ පවුල්වල අයටත් දැනෙන්න පටන් ගත්තා.. ආදරණීය සැමියෙකු ඉන්න ඇය දිනක් මේ විස්තරය ගැන හරියටමතේරුම් කර දැනගන්න කියලා හිතාගෙන මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙන්න ගියා..

ඒ තනියම නෙමෙයි හසංගත් එක්කමයි.. ඒ ගමනට එන්න හසංග කිසිම මැලිකමක් දැක්වූවෙත් නැහැ.. ඒත් ඒ කතාබහ අවසානයේදී නිරූපමාට උන් හිටි තැන් අමතක වුණා.. තමන් කසාද ජීවිතයකට එළැඹෙන්න ඉක්මන් වුනා වැඩියි කියලා ඇයට වැඩිවෙලා යන්න කලින්ම හිතෙන්න පටන් ගත්තා.. ඒ හසංග තමන්ගේ අතීතය එතනදි කියන්න පටන් ගත් නිසා.. හසංගට වසර හයක පමණ ප්‍රේමයක් තිබිලා තියෙනවා..

ඒත් කිසිම දවසක ඔහුගේ මවුපියන් මේ ආදර සම්බන්ධතාවයට කැමැත්තක් දක්වලා තිබුණේ නැහැ.. හැමදාමත් අම්මගේ ඉල්ලීම්වලට ගරු කරපු හසංග ඇයට ඕන විදිහට අධ්‍යාපන කඩ‍යිම් සියල්ලක්ම සාර්ථකව අවසන් කරගත්තා.. ඒත් රැකියාව වගේම විවාහයටත් අතපවන්න ඒ අම්මා අමතක කරලා තිබුණෙ නැහැ.. ඒ නිසාමයි වසර හයක් සේ ඔහුගේ හිතේ හිටිය ඒ ආදරණීය චරිතය අත්හැර දාලා ඔහු නිරූපමා එක්ක ජීවත් වෙන්න හිත හදාගන්න.. ඉතින් ඔහු මේ වෛද්‍යවරයා ඉදිරියේ කිව්වේ හරි පුදුම හිතන කතාවක්…

“මං ආදරය කළානම් ඒ එයාට, මං ආදරයක් කියල දෙයක් දැක්කේ එයාගෙන්.. ඒත් දැන් මට එහෙම කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ.. ඒත් මං නිරූපමාට වරදක් කරන්නේ නෑ.. මට පුළුවන් උපරිමෙන් මම ඇයව බලාගන්නවා.. නිරූපමා හරියට මට මගේ නංගි කෙනෙක් වගේ..”

ඒ වචන ටික ඇසූ සැණින් ඇය ගොළු වුණා.. කිසිවක් කරකියාගන්න නොහැකි වන තරමේ අසරණකමක් ඇයට දැනෙන්න පටන් ගත්තේ, තමන් මේ තාක් කාලයක් ගත කර විවාහ ජීවිතය ඇතුලේ තමන්ට ලැබුණු තැන හරියටම දැනගත් නිසා වෙන්න පුළුවන් නේද… සැමියා තාමත් ආදරය කරන්නේ ඇගේ පරණ පෙම්වතියට…

නිරූපමා එක්ක ඉන්න මොහොතේදී පවා ඇය ගැන කල්පනාවට එන එක නිරූපමාද කරන අසාධාරණයක් කියලා බොහෝ වෙලාවට අහසංගට තේරුණත් ඒ කිසිම වෙලාවක ණය වෙනුවෙන් හෝ ඔහුගේ ආදරය වෙනුවෙන් කතා කරන්න හසංගගේ ගෙදර කිසිවෙක් ඉඩ ලබා දුන්නේ නැහැ..

ඉතින් ඒ නිසා බැරිම තැන අවසානයේ ඔහු මේ විවාහ යෝජනාව භාරගන්නවා.. යුතුකමකට මෙන් ඇයව රැකි ඔහු කියූ වචන පෙළ නිසා, ඇය තාමත් ඉන්නේ කිසිවක්කර කියාගත නොහැකි මානසික මට්ටමකයි…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: