hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 03, පෙ.ව. 12:04



ප්‍රේම සම්බන්ධතා ගොඩක් වෙලාවට තේරුම් ගැනීමමත ඉදිරියට ගෙන යන්න ඕන..

ඒක එහෙම වුණත්, මේ කියන්න යන්නේ ඔබට විශ්වාස කරන්න පවා අපහසු කතාවක්.. 

මේ කතාව ඇසෙන්නේ ඉන්දියාවෙන්.. විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට පෙරේදා (01) උදෑසන 10 ට පමණ සරාන් දිස්ත්‍රික්කයේ පුද්ගලික වෛද්‍ය මධස්ථානයක් තුළදී මෙම අපරාධය සිදුවී තිබෙනවා..

අදාල සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි වෛද්‍යවරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සරාන් දිස්ත්‍රික්කයේ පදිංචිකාරිණියක්..

ඇය සමඟ අපරාධය සඳහා භාවිත කර ලේ තැවුරුණු පිහියද පොලිස් බාරයට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළා..

තුවාල ලැබූ පුද්ගලයා වහාම රෝහල් ගත කර ඇති බවත් ඔහු මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන අත‍ර, සැකකාරිය රඳවා ගනිමින් පොලිසිය ප්‍රශ්න කරන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවා..

වෛද්‍යවරියක් බව පවසන මෙම 26 හැවිරිදි කාන්තාව සහ පහරකෑමට ලක්වූ 30 හැවිරිදි පිරිමි පුද්ගලයා වසර දෙකක කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත් විවාහවීමට කැමැත්ත විමසු අවස්ථාවේ පිරිමි පුද්ගලයා ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රශ්න කිරීම්වලදී සැකකාරිය ප්‍රකාශ කළ බව බිහාර් පොලිසිය පැවැසුවා..

එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකළ බව සැකකාරිය ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කළ බවද බිහාර් පොලිසිය ප්‍රකාශ කළා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: