2025 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 12:10
මේ පෞද්ගලික බස් රථයක දොරටුවෙන් ඇද වැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුණු වෛද්‍යවරිය ගැන ඇහෙන අනුවේදනීය කතාව.
ඇය මෙලෙස අනතුරට ලක්ව දින 14ක් රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් තිබුණේ රත්නපුර, මොරගහයට ලේන් කැටිය පාරේ පදිංචිව සිටි, තිස් දෙහැවිරිදි වියේ පසුවූ පී. මදාරා මධුභාෂිනී නම් එක් දරු මවක්.
සිය සේවා මුරය නිමවා නිවස බලා යමින් සිටියදී පසුගිය අගෝස්තු මස 19 වන දින, මඩකළපුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල පොලිස් ස්ථානය ආසන්නයේදී ඇය මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා තිබුණා.
හදිසියේ මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ත්‍රීරෝද රථයක් හේතුවෙන් බස් රථයේ රියදුරු විසින් වේගය පාලනය කිරීමට තිරිංග තදින් ක්‍රියාත්මක කිරීමත් සමග, දොරටුව අසල සිටි වෛද්‍යවරිය බස් රථයෙන් ඉවතට විසිවී ගොස් බිම ඇද වැටී තිබේ.
රත්නපුර ශික්ෂණ රෝහලේදී පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමින් මියගිය වෛද්‍යවරියගේ සැමියා වන නාවික ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන කේ.ඩී. චාලිත මදුශංක මෙලෙස සදහන් කරනවා.
අනතුර සිදු වූ දිනයේ තමන් විදෙස්ගතව නැවක සේවය කරමින් සිටි බවයි. බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදුන් අවස්ථාවේ, “වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන්, බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම්” යැයි ඇය පැවසූ බවත්, ඉන්පසු ඇයගෙන් ප්‍රතිචාරයක් නොවීම නිසා ඇයගේ සහෝදරියට ඇමතූ විට අනතුර පිළිබඳ දැනගත් බවත් ඔහු සඳහන් කළේය.
“මිය ගොස් සිටින්නේ මගේ බිරිඳ. ඇය රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරනවා. අපට අවුරුදු එකයි මාස පහක දියණියක් සිටිනවා. මෙම අනතුර සිදු වූ දවසේ එනම් 19 වැනිදා බිරිඳට දුරකතන ඇමතුමක් දුන්නා. ඒ වෙනකොට මම හිටියේ ඇමරිකාවේ නැවක සේවය කරමින්. මම ඇමතුම ලබා දුන් අවස්ථාවේ බිරිඳ කිව්වා වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්නේ බස් එකෙන් බහින්නයි හදන්නේ බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කියා.
පැය බාගයක විතර කාලයක් ගත වුණත් ඇය මට නැවතකෝල් එකක් දුන්නේ නැති නිසා. මම ඇයගේ ජංගම දුරකතනයට දිගින් දිගටම ඇමතුම් ලබා ගත්තත් ඇය ප්‍රතිචාර දැක්වුයේ නැහැ. ඒ නිසා බිරිඳගේ සහෝදරියක වන සමේෂාට දුරකතන ඇමතුමක් දුන්නා. ඒ අවස්ථාවේ ඇය කිව්වා අක්කා බස් එකෙන් වැටිලා පැල්මඩුල්ල රෝහලට රැගෙන ගිහින් තියෙනවා කියා.මම පසුගිය 22 වැනිදා ලංකාවට ආවා. ඒ වෙන කොට ඇය රත්නපුර ශික්ෂණ රෝහලේ අංක දෙක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා. බිරිඳට බරපතළ බව වෛද්‍යවරුන් මාත් එක්ක කිව්වා. ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මධ්‍යම රාත්‍රියේ මිය ගියා.මෙය අනතුරකින් සිදු වූවක් බවට මා දන්නවා. වෙනත් සැකයක් නැහැ.”
අධිකරණ වෛද්‍ය නිලධාරී සිසිර කුමාර දිසානායක මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා, මෙම මරණය බස් රථයෙන් ඇද වැටීම නිසා හිස් කබලට සහ මොළයට සිදු වූ බරපතල හානි හේතුවෙන් සිදු වූ හදිසි අනතුරක් බවට නිගමනය කළේය.
අනතුර සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටි බස් රථයේ රියදුරු නැවත අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර තිබිණි.
එම නියෝගයට අනුව වලස්මුල්ල, කඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ රියදුරු පැල්මඩුල්ල පොලිසිය විසින් නැවත අත්අඩංගුවට ගෙන ඇත.
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 9:36
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:01
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25