hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 ජූලි 07, පෙ.ව. 12:02



කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා. 

මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.

ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.

මේ වන විට ජැක්සන් ඇන්තනී රෝහල්ගත කරලා ඉන්නවා කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

ඊයේ අපි ඔබට කිව්වා මතක ඇති මාධවී සිය පියා ගැන කිව්ව කතාව.

ඇය එහිදී කියා සිටියේ වෛද්‍යවරුන් කියන දේ විශ්වාස කරගෙන සිටින බවයි.

ඒ කෙසේවෙතත් ජැක්සන්ගේ දියණිය මාධවී සිය මවගේ උපන්දිනය වෙනුවෙන් මුහුණුපොතේ ජායාරූපයක් පළ කරලා තිබුණා.

එහි ඇය ජැක්සන් ගාව ඉන්නවා කියලා අපිට හිතා ගන්න පුලුවන්.

හැබැයි ජැක්සන් ඇන්තනී ඇත්තටම රෝහලේ නම් ඉන්නේ එම ජායාරූපයේ අනෙක් පස බිත්තියේ අලවා තිබෙන ජායාරූප ගැන ගැටළුවක් මතු වෙනවා.

මොකද කිසිම අවස්ථාවක රෝහල බිත්තියක එවැනි දෙයක් ඇලවීමට අවස්ථාවක් ලබා නොදෙන නිසයි.

මෙහි ඇත්ත නැත්ත ගැන හරියටම කියන්න අපි දන්නෙත් නැහැ.

ඒ ගැන ඔබ ඔබෙන්ම අසා බලන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: