hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 අගෝස්‍තු 16, පෙ.ව. 12:04



මේ දවස්වල බොහෝ දෙනෙක් වැඩි වශයෙන් කතා කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි මාදවී ඇන්තනි කියන්නේ.

ඇය ජැක්සන් ඇන්තනි කියන ආදරණීය කලාකරුවාගේ එකම දියණිය කියන්නත් බොහෝ දෙනෙක් දන්නවා.

ඉතින් ඒ දේවල් එක්ක කලාව තුළ අප්පච්චිගෙ ගමන් මග අනුගමනය කරන මාධවී පසුගිය දවසක නැවත වතාවක් උතුම් විවාහ ජීවිතයට පා තැබුවා.

ඇයගේ විවාහ ජීවිතයේ තිබූ යම් යම් පරස්පර විරෝධී අදහස් සහ සිදුවීම් නිසා ඇය ඒ ජීවිතයට සම දුන්නත් නැවත වතාවක් ඇයට ආදරේ කරපු අයව තේරුම් ගත්තු ආදරණීය චරිතයක් ඇයට හමුවුණා.

ඔහුත් කලාවත් එක්ක සම්බන්ධ වෙලා නිරන්තරයෙන්ම වැඩකටයුතු කරන ආදරණීය කලාකරුවෙක්.

ඒ වෙන කවුරුත් නෙවෙයි ප්‍රසිද්ධ ගී පද රචකයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.

ජීවිතේ මේ ගලාගෙන යන ගමන තුළදී ගල් වගේම මුල් කියන්නෙත් සාමාන්‍ය දේවල් කියල තමයි මාධවී කසනුයි කියන්නේ.

මේ කියන්න යන්නේ මාධවී ගැන සුබ ආරංචියක්.

මාධවී උතුම් මව් පදවිය ලබා තිබෙනවා.

කොහොම වුණත් ඒ දෙන්නා දෝතට ගන්න බලාගෙන ඉන්න මේ ආදරණීය පුංචි දරුපැටියාට දෙව්මෑණියන්ගේ ආශිර්වාදය ලබාගන්න ඒ දෙන්නා ගිහින් තිබුණේ කඩවත ගර්භවාස දේවස්ථානයට.

ඒ මොහොත ආයේ ආයේත් මතකයේ රඳවාගන්න කවදා කරි එයාලාගේ පුංචි පැටියාට මේ දේවල් දකින්න හිතාගෙන මාධවී වගේම කසුන් ඒ මතක එයාලාගේ මුහුණුපොතට එකතු කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනකුත් එක්කයි.

“ගර්භවාස දේව මෑණියන්ගේ පිහිටයි… ආරක්ෂාවයි… ” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: