hit counter

2025 ඔක්‍තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:13



ගෙවුණු දිනවල වඩාත් කතාබහට ලක්වුණු කෘතියකි, කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් රචිත “මුද්දරස්පලම්”

කෘතිය ගැන සමාජ මාධ්‍යයේ අදහස් දැක්වීම් අතර, තරමක් දැඩි විවේචනයන් ද දක්නට ලැබුණා.

ඒ බොහෝමයක්, කෘතියට ම නොවන ඒවා වීමත් ඔවුන්ගේ ප්‍රචාරණයන්ට එල්ල කළ විවේචන වීමත් කැපී පෙනුණා.

එයාකාර විවේචන අතර, කසුන් – මාධවී යුවළ සිය පුතු ද කෘතිය අලෙවි කරන භූමියට රැගෙන ඒම වැඩි පිරිසක් අතර කතාබහට ලක්ව තිබුණා.

ඊට ඇතැම් අවස්ථාවල මාධවී ද සමාජ මාධ්‍යය තුළ ප්‍රති උත්තර දී තිබෙන ආකාරයක් ද දක්නට ලැබුණා.

කෙසේ හෝ ඒ සියල්ල අවසන, කසුන් – මාධවී දෙපළ ම මේ සියලු විවේචනයන් ගැන විවෘතව සිය අදහස් පළකරන්නත් අමතක කර තිබුණේ නෑ….

“පොතට එන ඕනෑම විවේචනයක් පොතේ රචනා ශෛලිය ගැන හෝ වේවා, කතාව ගැන හෝ වේවා සාහිත්‍ය කෘතියක් විදියට අරගෙන ඒ පොතට එන ඕනෑම විවේචනයක් හෝ ප්‍රසංශාවක් ඕනෑම දෙයක් භාරගන්න කසුන් සහ මම,,, මොකද මම ඒ පොතේ චිත්‍ර ඇන්දා… මගෙත් දායකත්වයක් තියෙන නිසයි මං එහෙම කියන්නෙ. නැත්නම් මං මුකුත්ම සම්බන්ධයක් නැත්නම් මට ඒ ගැන එහෙම කියන්න අයිතියක් නෑ. හැබැයි මම දන්නවා කසුනුත් එකම මොහොතකවත් එයාට ආව එක නරක විවේචනයක්වත් හෙලා දැක්කෙ නෑ.

මම යම් වරදක් කළා. ඒ වරද කරන්න හේතුව වුණේ මට මගේ හිත රිදිච්ච එක අම්මා කෙනෙක් විදියට මම සාමාන්‍ය පුද්ගලයෙක් විදියට එතනදී හැසිරුණේ.

මං දන්නවා ඒක වැරදියි කියලා. මට හැසිරෙන්න තිබුණෙ එහෙම නෙවෙයි.

කසුන් මහේන්ද්‍රගේ බිරිඳ විදියට නෙමෙයි, මම මේ කලා ශිල්පිනියක් විදියට හැසිරුනා නම් එහෙම දෙයක් නොකරන්න තිබුණා.

ඒ කියන්නේ පොතට බනින එක ගැන කිසිම ගැටළුවක් නැහැ. නමුත් මේ දරුවාව අල්ලාගෙන දරුවාගේ අනාගතය ගැන විවිධ අර්ථකථන සහ පූර්ව කථන දෙමින්, ඊට පස්සේ දරුවාට ‘කවදා හරි මේ වගේ පණ්ඩිත කතා කියයි දවසක’..

බුලි කරනවා කියන්නෙ… වෙන රටවල නම් එහෙම කරන්න බැහැ කෙනෙකුට.

මාස 10ක චූටි දරුවෙක් ගැනනෙ මේ කතා කරන්නෙ.

ඊට පස්සෙ මේ දරුවත් කවදා හරි ඉස්කෝලෙදි අම්මගෙ විවාහ ගාණ කීයද කියලා අහයි. එහෙම අහන නිසා ඒ ළමයට මතයක් ඉදිරිපත් කරන්න බැරි වෙන්න අපි මේ ළමයව කොන්කරනවා කියලා තර්ජනය කරමින්, මගේ දරුවට බැනපුවාම මට දුකක් ඇති වුණේ අම්මා කෙනෙක් විදියට. ඒ කසුන් මහේන්ද්‍රගේ බිරිඳවත්, ඒ කිසිවක් හින්දා නෙවෙයි. මේ පොත නිසාත් නෙවෙයි. මට ඒ දුක දැනුණෙ අම්මා කෙනෙක් විදියට.

හරිම ප්‍රාථමික, මහ පොළොවේ ඕනෑම කාන්තාවක්ට අම්මා කෙනෙක්ට දැනෙන හැඟීමක් මට ඒ වෙලාවේ දැනුණෙ. මං ඒකට රියැක්ට් කරපු එක වැරදියි, මට එහෙම රියැක්ට් නොකර ඉන්න තිබුණා කියලා බොහෝ පරිණත පුද්ගලයින් අපට අදහස් පළකරා….”

ඊට කසුන් මෙලෙස සිය අදහස් එකතු කර තිබුණා…

“දැන් සමහරුන්ට ප්‍රශ්නයක්. මේ පොත අලෙවි කිරීමේදී ඇයි මං මගේ පවුල ගෙනාවේ?

මම, මගේ බිරිඳව ගෙනාවේ.. මම ගෙනාවෙ මගේ ලෙයින් උපන් දරුවාව. මං වෙන කාගෙවත් ළමයි හොරකම් කරගෙන ආවේ නැහැ. මං වෙන ගෑනු පන්නන් ආවේ නැහැ කාගෙවත්. මම වෙන කොහෙන්වත් වෙන කුටි අරගෙන ආවේ නෑ.

මම මගේ මහන්සියෙන්, අපේ එකතුවෙන් අපි මේ එකතු වෙලා කරපු දේවල්. මම දන්නෙ නෑ ඇයි එච්චර අවුලක් ඇති වෙලා තියෙන්නෙ, එච්චර බයක් ඇති වෙලා තියෙන්නෙ එක පොඩි කණ්ඩායමක අරමුණක් වෙනුවෙන්.. ඉතින් ඒ කිසිම දෙයක් වෙනුවෙන් අපට නෑ කාලයක් වැයකරන්න…”

උපුටාගැනීම : එෆ් එම් දෙරණ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: