hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2024 මැයි 20, පෙ.ව. 9:00



මාධවී ඇන්තනී කියන මේ චරිතය  වර්තමානය වන විට සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහ කරන චරිතයක් බවට පත්වෙලා.

ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම ඇයට රහට ගායනා කරන්න පුළුවන්.

ඒ සියලු හැකියාවන් එක්ක ඇය කලාව තුළ අද වෙද්දි ලස්සන ගමන් මගකට අවතීර්ණ වෙලා.

ඕනෑම කෙනෙක් දන්නවා මාධවී කියන්නේ විවාහ ජීවිත නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්.

හැබැයි අද වෙද්දි ඇය ජීවිතයට හොඳම තේරීමක් තෝරගෙන.

ඔහු තමයි දක්ෂ ගී පද රචකයෙක් විදිහට වැඩ කටයුතු කරන කසුන් මහේන්ද්‍ර හීනටිගල.

ඉතින් මේ දෙන්නම අද වෙද්දි තමන්ගෙම කියලා ව්‍යාපාරයකුත් එක්ක කලා කටයුතු රැසක නිරත වෙනවා.

මේ දෙන්නා එකතු වෙන කාල සීමාවේදී බොහෝ දෙනෙක් ඔවුන් දෙදෙනාට විරුද්ධව විවිධ දේවල් සමාජගත කළා.

කොහොම නමුත් ඔවුන් දෙදෙනා ඊයේ ජිවිතේ තවත් වැදගත් අඩියක් තබා තිබෙනවා.

ඒ ඔවුන්ගේ විවාහය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: