2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:09
මදුමාධව අරවින්ද, ඔහු හරි ආදරණීය කවිකාරයෙක්, විටක විප්ලවවාදී වැඩ කරන මනුස්සයෙක්, තවත් වෙලාවක ආදරය පිරුණු කෙනෙක්..
මදුමාධව කියන්නේ ඇත්තටම මෙහෙමයි කියලා කියන්න තේරෙන්නේම නැති මනුස්සයෙක්. මදුමාධව – නිල්මිණී ආදර කතාව ගැන අදටත් නොදන්නා කෙනෙක් නැති තරම්, ඒ තරමටම ඔවුන්ගේ එකළ ප්‍රේමය රසිකයින් අතර ජනප්‍රියයි.
රංගන ලොව උන්මාදයක් වුණු මේ ආදර කතාවට කොහොම හරි අවසානයේ තිත තියන්න මේ යුවල තීරණය කරනවා. ඒත් ඒ මතක අදටත් ඔහුට සුන්දර ඇති. ඔහුගේ මුහුණුපොතේ පළවෙන සටහන් ඇත්තටම වෙනස්.
මේ ඔහුගේ අතීත ප්‍රේමය වුණු ඇය ගැන, ඒ ආදරණීය මොහොත ගැන මදූ කියූ තවත් කතාවක්.
රත්තරනින් රන් මාල නොබැන්දට හදා
රත්තරනින් මන් ඉරිසියාකරා එදා
(දිග ලිපි කියවනකොට පපුවෙ අමාරුව හැදෙන අය.. වැලලෙන් නැතිව.. මෙය නොකියවා අතහරින්න. කියවන අය කියවයි.)
1992 සීතල දෙසැම්බරේ ගෝල් ෆේස් පිට්ටනියේ…. වාහනයක් ඇතුලේ..
රට දන්න දෙන්නෙක්.. ලෝකෙටම හොරෙන්…ගැලපෙන්න උත්සාහ කරනව……….
මන් අහක බලා ගෙන ඈත අහසට.. ඇස් විසිකරනවා තරහෙන්…..
ඇය මගෙ අතින් අල්ලන් මූනට එබෙන්ව…
“මොකද අනේ මේ.?..මෙයාට වෙලා තියෙන්නේ… ” කියල…
මම වැඩේ අත හැරියෙ නෑ…
අත ගසල දාල…වාහනෙන් බැස්සා….
ගෝල් ෆේස් පිට්ටනියෙ හුලගට තවත් පෙම්වතුන් දෙන්නෙක් විතරක් උනාට..
අපේ පපු එදා අපිට ගෝල් ෆේස් පිට්ටනියට වඩා ලොකුවට ගැහුනා…
ඔව්… පස්සෙ කාලෙක ලංකාවෙ බොහෝ අය ආදරෙන් කියවපු..
මදූ , නිල්මිනි ආදර කතාව ලෝකෙටම හොරෙන් අපි ලියන කාලේ….
මම ඉරිසිය කන්දක්…….
ඉරිසිය ගගක්…
ඉරිසිය ෆැක්ටරියක්…..
නලුවෙක් එක්ක ලගින් හිටිය
අතක් අල්ලන ඒවා දැක්කම …
තුරුල් වෙනව දැක්කම…
මම තමා ලෝකෙ තියෙන ලොකුම ඉරිසියා ෆැක්ට්‍රිඑක….
ඇය යටි හිතෙන් ඒකට ආස උනා..
එච්චර ආදරේද මට…
ඇය පස්සෙන් ඇවිත් එහෙම කිව්වා…
මම දැනන් හිටියාට රගපෑමක් විතරයි කියල…
ඒ කාලේ මට ඒක දරන්න හයියක් තිබ්බෙ නෑ..
අපිට ඕනෙනම් එදා නවතින්න තිබ්බ…
මමත් තනියම හිතුව..
එයා ට උරුම රගපෑම…
මට උරුම ගායනය… අපි දෙපැත්තට යමුද?
ඒත් එහෙම නොවෙච්ච එක හොදයි…
අපි අත්පටල ගත්තා….
ඔච්චර ඉරිසියා කාරයෙක් වෙන්න එපා…
මම ඇයව සිප ගත්තා….
මම උබට හරි ආදරෙයි අම්මා…
ඔව් මගෙ පපුව පැලෙන්න එනවා වෙන් කවුරු හරි ඔයාව අත ගානකොට…
මම පොඩි ලමයෙක් වගේ කිව්වා..
ඇය ආදරෙන් මගෙ හිස අත ගෑව….
ගෝල් ෆේස් අහස අපිට ආදරෙන් හෙවන දුන්නා…. උබලට හරියන්න ඕනෙ කියන්න වගේ…………………….
ඒ ඉරිසියාවෙන් බේරෙන්න…ඇය මහා බයානක තීන්දුවක් අරන්
මටත් නොකියා පත්තරේට ලිපියක් දීලා..
පත්තර කඩේ අයියා උදේම අපේ ගෙදර
පත්තරේ උස්සන් ආව..
එයා දැන හිටියා අපේ කතාව…
මොකක්ද මල්ලි මේ කරන්නේ උබල…
මම කලබලෙන් පත්තරේ මැද පිටුව ලග නැවතුනා….
මම මහා බයානක අපරාද කාරයෙක් වගේ මට දැනුනා…
පොල් ගෙඩි අකුරෙන් ඇය ලියල තිබ්බ පත්තරේ…..
“මම රගපෑමෙන් සමු ගන්නවා..
මට රැගපෑමට වැඩිය…
මගෙ ආදරේ ලොකුයි කියල…”
මගෙ පපුව හිරවෙනව වගේ දැනුනා…
ඒ වගේම එච්චර ආදරයක් ඈ මට තියෙනවා කියලත් හිතුනා….
හැබැයි එතකොට මගෙ ඉරිසියාව ඉවර වෙලා තිබ්බෙ.. ඇය කවුද..කියලා ..
වගේම රගපෑම් මිස ඒ රංගනයන්ට
පන නෑ කියල එතකොට දැනන් හිටියේ…
කොහොම හරි,කාලයගෙ ඇවෑමෙන්, ආයෙමත් ඇය රගපාන්න ගත්තා….
අපි අපිට ගෙවන්න නියමිත ජීවිත කාලය ගෙවාගෙන ගියා…
නමුත් නරක හුලගකට පස්සෙ…
අපි ඩිවෝස් වෙන නැතිනම් අපේ තීන්දුව දෙන
දා…
ගල්කිස්ස උසාවියට එන්න කලින්…
මම ගෝල් ෆේස් පිට්ටනියට ගියා…
මාව එක්ක ආව කිසිවෙක් වාහනවලින් බැස්සෙ නෑ..
මම බහින්න එපා කිව්වා..
මම තට්ට තනියම…
ඇවිද ගෙන
ගියා… මුහුද ගාවට…
අපි දෙන්නගේම පපු ගැහෙන සද්දේ..
එදා මුහුදු රලවලට වඩා හයියෙන් ගෝල් ෆේස් අහසට ඇහෙන්න ඇති…
මම කෑ ගහල ඇඩුවා….
මට ඇහුනා ඇයත් එහෙම ඉකි ගගහ අඩන හඩ…….
මම කෑ ගහල කිව්ව….
මම ආයේ කවදාවත්..
ඉරිසියා වෙන් නෑ…..අම්මා…
මම ආයෙ කවදාවත්..
අපිව හොයන් නෑ…අම්මී…
මම ආයෙ කවදාවත්..
ගොඩ ගන්න බැරි තැනක අපිව වලලන්නම්…
ඉතිං, එහෙනම් අපි පරදිමු….
කියලා ඇයට දෙන්න..
පොඩි ලියුමක් ලිව්වා ගැහෙන ඇතින්..
ගාලුමුවදොර මුහුද කෙලවරදි….
පපුව හයියෙන් ගැහුනා.. සත්තයි…
මම හිතන්නේ… ගෝල් ෆේස් අහසටවත් ඒක දරා ගන්න බැරි වෙන්න අති…
මගෙ පපුවට වගේම…
එදා පත්තු වෙලා අපිට හරියන්න පතපු අහසම එදා නිවුනා අපිට අපේ කතාව කලුවරම කරල…
උබලට වැරදුනේ ඇයි..
අහස එහෙම හිතන්න ඇති…
උසාවියෙදි ගල්කිස්සේ එදා…
තීන්දුව දුන්නට පස්සෙ…
අපි සදා කාලිකවම වෙන් උන බවට..
අපිට හයිය තිබ්බෙ නෑ මූනට මූන බලන්න…
අපි බදින වෙලාවෙ දැම්ම රත්තරන් මුද්ද රත්තරං උනාට..
අපිම කතා වෙලා තැල්ල රත්තරනින් හැදුවෙ නෑ…
ඒක අපි දෙන්න ගත්ත තීරනයක්…
ඒත් එදා වෙන්වීම තීන්දු කලදා..
ඇය අහක බලන්..
මට පාර්සලයක් දීලා….
ගල්කිස්ස උසාවියෙන් එලියට දිව්වා…. අඩා ගෙන..
මම මා එක්ක ආව සේරටම යන්න කියල සුමින්ද කියන යාලුවට විතරක් ඉන්න කිව්ව..
මම එන්කම්….
මමත් වාහනේට තනියම නැගල, මූන හන්ගන්…
පපුවට ගහගෙන ඇඩුවා….
වාහනේ වීදුරු හෙලවෙන්න කෑ ගහල ඇඩුවා..
මම දැක්ක සුමින්ද මූන කකුල් දෙක අස්සෙ ගහන්… ඉකි ගහනව….
වාහනෙන් ඈත කානුවක් ලග….
මම සුම්න්දට කිව්ව…
යමු බෙල්ලංවිල පන්සලට….
ඇයත් මමත් මාසෙකට සැරයක්වත් බෙල්ලන්විල ගියා…. එකට…..
මම ඇය දුන්න පාර්සලේ තුරුලු කරන්..
බෙල්ලන්විල පංසලේ…
වැලි මලුව කෙලවරේ ඉදගෙන…
බෝ ගහ එක්ක හෙලවෙන බෝ කොල එක්ක
ම්ම නැලවුන….වැලපුනා ….
මට මතක් උනා මම ලියන් ආපු ලියුම ඇයට දෙන්න අමතක උන බව…
එක දිගට ගලන කදුලු කාටවත්ම නොපෙනෙන නිසා ලෝබ නැතිව බෙල්ලන් විල වැලි මලුවට වැටෙන්න දුන්නා….
ඇය දුන්න පාර්සලේ මම ලෙහුවා…
මම බැදපු තැල්ල…
මා දිහා පෙට්ටියක් අස්සට වෙලා බලන්හිටියා…
මා දිහා. …..
එයා රත්තරං තැල්ලක් නොවුනට ලස්සනයි…
ඒක සමුගැනීමක් ද
අපහාසයක්ද…
සලකුනක්ද මට තාමත් , අදටත්…තේරෙන් නෑ…
මම ඒ තැල්ල අත ගගා මගෙ පපුවෙන් ඇහුවා..
රත්තරනින් රන් මාල නොබැන්දට…
අපි ගෙවපු කාලය.
රත්තරන් වලට වඩා ..
දවසක අපිට වටීවි…
මම එහෙම පැතුවා..
එහෙම හිතුවා…
මම ලියපු ලියුම වෙව්ල වෙවුලා අතට ගත්ත මම..
මගේ අකුරු දිගේ ඇස් යැව්වා….
මම ලියල තිබ්බ… කොලය..
මම අඩ අඩා වැලිමැලුවේ වැලි අස්සෙ ගැහුව…
මම පංසලෙන් එලියට වාහනේ ගත්තා…
පසු දවසක තමයි මම දන්නේ…
එදා ඒ වෙලාවෙ ඇයත්…
ඒ බො ගහ දිහාම අනික් පැත්තේ ඉදල බලන් ඇගේ කතාව කියල…
මම මේ පැත්තේ ඉදල මගේ කතාව කියල…
අපි දෙන්නටම කතාවක් ඇති..
අපි හරි වගේම වැරදි….
ඉතිං එදා…අපි හමු නොවුන එක හොදයි..
ඇයට ලිපිය නොදුන්න එකත් හොදයි…
ඒ ලිපිය අදටත් වලංගුයි….
ඒ ලිපිය මෙහෙම පටන් ගත්තා…
“ඔයාගෙ ඉරිසියාකාරයා…
ඔයා වගේම අද මැරෙනවා…
අපි දෙපැත්තට වෙලා..
මැරෙනකම් බලන් ඉමු…
ලෝකෙ ඉස්සරහ ඔයා මොකක් කිව්වත්..
ඔයා දන්නව..
මන් වගේම..
අපි කවුද කියල..
ඉතිං මගෙ ආයුශත් අරන් ජීවත් වෙන්න..
අපිට පුලුවන් දෙපැත්තට වෙලා..
තනි තනියම හුස්ම ගන්න..”
ඒ ලිපියේ එහෙම තිබ්බා…
මට කියන්න ඕන උනේ….
හරියට ඉවර කලාම..
ඒ කතා ආයෙ පටන් ගන් නෑ….
දූ දරුවොත් එහෙම ඉවර උනා..
ඒත් මිනිස්සුන්ට මතකයි…
අපිත් හරියටම ඉවර උන නිසා..
අපිටත් අපිව මතකයි…
මිනිස්සුන්ට වගේම…
ඉතිං, හරියටම පටන් ගන්න..
පටන් ගන්නවනම්…
හැබැයි, .
ඉවරනම්…
හරියටම ඉවර කරන්න..
එතකොට පුලුවන්වෙයි…
මේ වගේ මතක …
ආදරෙන් සමරන්න…
කාගෙවත් හිත නොරිදා…..
මදු මාදව මතකවින්ද….
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:49
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:17
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 15, ප.ව. 12:01
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25