hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2022 ජූලි 02, ප.ව. 10:55



මාළිගාවත්ත – ජුම්මා මස්ජීද් ප්‍රදේශයේ කිණිස්සක් හා පිහියක් අතින් ගත් කොල්ලකරුවෙක් ව්‍යාපාරිකයින් බියවද්දමින් බේකරි, බාබර් සාප්පු හා සිල්ලර වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන 04ක මුදල් කොල්ල කා පලා ගොස් තිබෙනවා.

එක් වෙළෙඳ සැලක සේවකයෙකු වෙළෙද සැලෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ ක්ෂණිකව අදාළ ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වන කොල්ලකරු මුදල් සහිත ස්ථානය සොයන්නේ තියුණු ආයුධ ද අතැතිවයි.

ෆුල්ෆේස් හෙල්මට් සහිතව පැමිණ කොල්ලකෑම් සිදු කර ඇති කොල්ලකරු අනෙක් ව්‍යාපාරික ස්ථානවලට පැමිණ තිබුණේ මුව ආවරණයක් හා තොප්පියක් පැළඳ ගෙනයි.

මුහුණු ආවරණ සහිත හිස්වැසුම් පැළඳ පැමිණිය ද මොහු යතුරුපැදියක පැමිණ කොල්ලකෑම් සිදුකරන්නේ නැහැ.

තියුණු ආයුධ පෙන්වා වෙළඳසැල් සේවකයන් බියවද්දන කොල්ලකරු තම ඉලක්කය සපුරා සාමාන්‍ය වැසියෙකු මෙන් ජුම්මා මස්ජීද් මාර්ගය හරහා පා ගමනින් ගමන්කර පලා යාමටයි කටයුතු කරන්නේ.

කොල්ලකෑමට ලක් වු මෙම වෙළඳසැල්වලට යාබදව මීටර් 50ක පමණ දුරකින් පොලිස් මුරපොලක් ද ක්‍රියාත්මක වන පසුබිමක් තුළ මෙම කොල්ලකරු මෙලෙස රිසි සේ සැරිසරන්නේ කෙසේද යන්න බලා සිටින අපටද සිතා ගත නොහැකියි.