hit counter

2025 මැයි මස 28 වන බදාදා

2025 මැයි 27, පෙ.ව. 10:32



හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඊයේ (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි.

පසුගිය 24 දා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වන වියේ පසුවූවාය.

1947 වසරේ අප්‍රේල් මස 30 වැනිදා උපත ලැබූ ඇය දශක 06කට ආසන්න කාලයක් තම විශිෂ්ට රංගන හැකියාවෙන් හෙළ සිනමාව පෝෂණය කළ අතර ඇය මෙරට සිනමාව ජාත්‍යන්තර තලයට රැගෙන යාමටද සමත් වූවාය.

කෙසේවෙතත් මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු වූවත් මීට පෙර සඳහන් කළේ රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන බවටයි.

මේ සම්බන්ධයෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතා සිය අදහස් පළ කර තිබුණේ මෙලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: